Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරිමේ කටයුතු ඉන්දියාවේදී ආරම්භ වී ඇතැයිි www.bdcrictime.com වෙබ් අඩවිය වාර්තා කරයි. ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් ඉදිකිරීමේ ආරම්භ කර ඇති මෙම ක්‍රිඩාංගණය අක්කර 63ක් පුරා විහිදී ඇතැයි එම පුවත් සේවය වාර්තා කරයි.

අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ මෙහි ඉදිකිරිම් ආරම්භ කර තිබේ. ප්‍රේක්ෂකයන් 110000ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයමින් ඉදිවෙන ක්‍රීඩාංගණය සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වෙයි.

මෝටර් රථ 3000කට හා යතුරුපැදි හා ත්‍රීවීලර් රථ 10000කට ගාල් කිරිමේ පහසුකම් සහිතව මෙම ක්‍රීඩාංගණය ඉදිවෙන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ  ගුජරාට් ලයන්ස් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණයද වෙනු ඇත.

ක්‍රීඩා සංකීර්ණක් ලෙස මෙහි ඉදිකිරීම් සිදුකරන අතර එයට ඔලිම්පික් තරගාවලි සඳහා යොදාගන්නා පිහිනුම් තටාකයක විශාලත්වයෙන් යුතු පිහිනුම් තටාකයක්ද ඇත.

වසර දෙකකින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. ගුජරාට්හි පැවැති සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය වෙනුවට මෙය ඉදිකෙරයි. 90000ක ප්‍රමාණයකට පහුසුකම් ඇති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වන විට ලෝකයේ පවතින විශාලම ක්‍රීඩාංගණය ලෙස පිළිගැනෙයි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

Part-DEL-Del63897-1-1-0

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.