Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යොමුකළ පන්දුවක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

එම තරගයේ  පන්දුවාර 3. 5 පන්දුව මතීෂ යොමුකළ අතර එහි වේගය ලෙස වේග මාපකයේ සටහන්ව තිබුණේ පැයට කිලෝමීටර් 175ක වේගයෙන් යොමුකළ පන්දුවක් ලෙසිනි.

ඒ අනුව මෙම වේගය සත්‍යයක් නම්  ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම ආකාරයක තරගාවලි රටාවක් තුළ ලෝකයේ වේගවත්ම පන්දුව යොමුකළ ක්‍රීඩකයා බවට මතීෂ පතිරණ ඉතිහාසයට එක්වෙනු ඇත.

ක්‍රිකට් ලෝකයේ මේ දක්වා වේගවත්ම පන්දුව යොමුකළ ක්‍රීඩකයා ලෙසින් පිළිගැන්නේ පාකිස්තානයේ සොයිබ් අක්තාර්ය. ඔහු පන්දුව යොමුකළ වේගය ලෙස සටහන්ව ඇත්තේ පැයට කිලොමීටර් 161.3ක වේගයකි.

කෙසේ වෙතත් මතීෂගේ පන්දුව යැවු වේගය ප්‍රතික්ෂේප කිරීමක් හෝ එය වේග මාපකයේ සිදුවූ වැරැද්දක් නිසා සටහන් වූවක්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත.

ඉන්දියාව හා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩයම ලකුණු 90ක පරාජයක් ලැබීය.

මෙම තරගය ජනවාරි 19 දා පැවැති අතර එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 297ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු් 207ක් පමණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.