ලෝකයේ වේගවත්ම මිනිසා ගැන චිත්‍රපටයක්
- 2016-11-30 13:59:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ වේගවත්ම මිනිසා වන උසේන් බෝල්ට්ගේ ක්‍රීඩා දිවිය අැසුරෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. එම චිත්‍රපටයේ දර්ශන සඳහා උසේන් බෝල්ට්ම එක්ව තිබීම සුවිශේෂී වෙයි.
'I am Bolt' යනුවෙන් නම් කර අැති මෙම චිත්‍රපටය පෙරේදා (28දා) පටන් ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනු ලැබීය. එහි මංගල දර්ශනය උසෙන් බෝල්ට්ගේ සහභාගීත්වයෙන්ම එංගලන්තයේදී පැවැත්වීය.
ඔලිම්පික් තරගාවලි තුනකදී එනම් 2008/2012 හා 2016 තරග වලදී මීටර් 100, මිටර් 200 හා මීටර් 100x4 යන ඉසව් නියෝජනය කරමින් එම සෑම ඉසව්වකින්ම රන් පදක්කම් හිමි කර ගැනීමට බෝල්ට් සමත්ව තිබේ.
එසේම ලෝකයේ මීටර් 100 හා 200 ඉසව් අවම කාලයකින් නිමකළ ක්‍රීඩකයාට හිමි ලෝක වාර්තාවටද බෝල්ට් හිමිකම් කියයි.
බෝල්ට්ගේ චිත්‍රපටයෙන් ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments