Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

images'ක්‍රිකට් රන් දෙවොල' ලෙස හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස වර්තමානයේදීද සලකයි. ඒ තරම්ම ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රිකට් ක්‍රීඩකයන් පූජනීයත්වයෙන් සලකයි. ලන්ඩන් නුවර පිහිටි මෙම ක්‍රීඩාංගණයේ අතීතය 1814 දක්වා දිවයයි.

ලෝඩ්ස් පිටියේ 2007 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ආරම්භවීමට විනාඩි 5 කට පෙර ඒ බව නිවේදනය කරමින් ලෝඩ්ස් ද්වාරය මත ඇති සීනුව නාදකිරීම චාරිත්‍රයක් ලෙස සිදුකරයි. මෙම චාරිත්‍රය ක්‍රීඩාවේ විශිෂ්ටයන් සහභාගි කරගත් අතර, එම චාරිත්‍රය ඉටුකිරීමේ වාසනාව හිමිව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකුට පමණි. ඔවුන් සියල්ලන්ම ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කළ අය වීමද සුවිශේෂත්වයකි. මෙවර එම චාරිත්‍රය ඉටුකිරීමට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි වමත් පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාරට හිමිව තිබේ. සංගක්කාර එම චාරිත්‍රය ඉටුකරන 85 වැනි ක්‍රීඩකයාද වේ.  ලෝඩ්ස් ද්වාරයේ ඇති මෙම සීනුව නාද කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ 2011 වසරේදී කුෂිල් ගුණසේකරය. ඉන් අනතුරුව 2011 වසරේදීම අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, 2014 වසරේදී චමින්ද වාස්, මාවන් අතපත්තු, සනත් ජයසූරිය පිළිවෙළින් මෙම චාරිත්‍රයට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ වූහ.

2205 වැනි ටෙස්ට් තරගයේදී කුමාර සංගක්කාරට මෙම චාරිත්‍රය සිදුකිරීමට අවස්ථාව ලැබුණු අතර, එය සිදුකිරීම සඳහා ඔහුගේ සමකාලීන සගයෙකු වන මහේල ජයවර්ධනද එක්ව සිටීම සුවිශේෂීය.ada.lk

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.