වට්මෝර්ගේ සේවය යළිත් ලංකාවට
- 2019-06-26 12:52:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම පුහුණුකරු මෙන්ම වඩාත් කතාබහට ලක්වූ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර තිබේ.
එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඒ මහතාගේ පත්වීම ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
වට්මෝර් මහතා 1996 ලෝක ශූර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පුහුණුකරු වීම නිසා ඒ මහතා සහ ශ‍්‍රී ලංකාව අතර හොඳ සම්බන්ධතාවක් පවතී. ශ‍්‍රී ලංකාවේ උපත ලැබූවෙකු වන 65 හැවිරිදි වට්මෝර් මහතා ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ක‍්‍රීඩකයෙකි.
ඒ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා අධීක්‍ෂණය සඳහා පත් කිරීමට නියමිතය.
ඒ අනුව වට්මෝර් මහතා වයස 15න් පහළ සිට වයස 19න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන, නැගී එන සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ යන සංචිත සහ ජාතික සංචිතය අධීක්‍ෂණය කිරීමට නියමිතය. ඊට අමතරව ඒ මහතාට පළාත් ක‍්‍රිකට් පැවරීමටද නියමිත බව වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවේ වට්මෝර් මහතා මේ වනවිටත් උපදේශක තනතුර භාරගැනීමට කැමැත පළකර තිබෙන අතර, ඊට සම්බන්ධ වෙනත් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි.
”ඒ මහතාගේ ගෙවීම් සම්බන්ධයෙන් අපි මේ වනවිට සාකච්ඡා කරමින් ඉන්නේ. ඔහු අපට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස කියලා තියෙනවා” යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
වට්මෝර් මහතා උපදේශක තනතුරට පත්වුවහොත් අසංක ගුරුසිංහ මහතා මේ වනවිට ආවරණය කරන පුහුණු කටයුතුවලට සම්බන්ධ සේවා රැසක් ඔහුගෙන් ඉවත් වේ.
යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට
Reply To:
Name - Reply Comment
0 Comments