Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 2016/17 කාලසීමාවේ දක්වනු ලැබූ දක්‍ෂතා ඇගයීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලැබූ ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය^ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (31දා) රාත්‍රියේ නිමාවට පත්විය.

මෙවර සම්මාන උලෙළේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සම්මාන දිනාගත් අතර, ක්‍රීඩිකාව ලෙස හිටපු නායිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය.

මෙහිදි පිරිනැමූ අනෙකුත් සම්මාන අතර ජාත්‍යන්තර විස්සයි20 පිටියේ දැක්වූ දක්‍ෂතා අනුව අසේල ගුණරත්න වසරේ දක්‍ෂතම  පිතිකරු හා දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයාට හිමි සම්මාන දිනාගත් අතර, ලසිත් මාලිංග එහි දක්‍ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේය.

2016/17 කාලසීමාවේ ජාත්‍යන්තර එක්දින පිටියේ දැක්වූ දක්‍ෂතා අනුව දක්‍ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානයද අසේල ගුණරත්න විසින් දිනාගත් අතර, සුරංග ලක්මාල් එක්දින පිටියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙසද, කුසල් මෙන්ඩිස් වසරේ එක්දින පිතිකරු ලෙසද සම්මාන දිනාගත්තේය.

වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඩිල්රුවන් පෙරේරා සම්මාන දිනාගත් අතර, රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නා ලෙසද, ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරු ලෙසද සම්මානයට පාත්‍රවිය.

මෙහිදී අසේල ගුණරත්න වසරේ බලාපොරොත්තු සහගත (Promising) ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, නිරෝෂන් දික්වැල්ල වසරේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

මෙහිදී ජාත්‍යන්තර තරග බිමේ දැක්වූ දක්‍ෂතා අනුව වසරේ දක්‍ෂතම විස්සයි20 පිතිකාරිනිය ලෙස චමරි අතපත්තු, විස්සයි20 දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස සුගන්ධිකා කුමාරි සම්මාන දිනාගත්තාය.

වසරේ එක්දින පිතිකාරිනියට හිමි සම්මානයද චමරි අතපත්තු සතු වූ අතර, එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර සම්මාන දිනාගත්තාය.  

මෙවර සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.