වසර 25ක ඉතිහාසය වෙනස් වෙයිද?
- 2016-06-09 12:24:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද (09දා) ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් පිටියේදි ටෙස්ට් තරග හතක් පවත්වා ඇති අතර එයින් තරග 2ක් එංගලන්තය ජයගෙන තිබෙන අතර සෙසු තරග ජයපරායෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට 1991 වසරේ ලෝඩ්ස් පිටියේ පැවැති තරගය එංගලන්තය ජයගෙන තිබේ. ඉන් අනතුරුව දෙරට අතර ලෝඩ්ස් පිටියේදී තරග හතරක් පවත්වා ඇති අතර එම තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. දෙරට අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටත් එංගලන්තය ජයගෙන ඇතත් අද ආරම්භවන තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවෙනු ඇතැයි ක්‍රීඩා ළෝලීන්ගේ අදහසයි. එසේම තරගය එසේ නිමකර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයටද සුබ ලකුණක් වෙනු ඇත. එංගලන්තය මෙම තරගයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් (3-0, White Wash) අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පවත්වා ඇති ටෙස්ට් තරගාවලියන්හිදී එංගලන්තය සියලුම තරග ජයගෙන නොමැත.
1982 හා 1991 වසරේදී දෙරට අතර එක් තරගය බැගින් වූ ටෙස්ට් තරග පවත්වා තිබුණත් ඒවා ටෙස්ට් තරගාවලි ලෙස සැලකිල්ලට නොගනියි.
Reply To:
Name - Reply Comment
0 Comments