Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ්-19 වෛරසය (කොරෝනා  වෛරසය) හේතුවෙන්  විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට විම්බල්ඩන් තරග සංවිදායකයෝ ඊයේ (01දා) පියවර ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් අවලංගු වූයේ  ප්‍රථම වරටයි. ඒ අනුව එළැඹෙන ජූලි මස මැද වන තෙක්  විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නොපැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගෙන ඇත.

මෙම තීරණය ගැනීම සඳහා  විම්බල්ඩන් ටෙනිස් තරග සංවිධායකයින්ව පොලඹවා ඇත්තේ ටෙනිස් ක්‍රීඩකයන්ගේ සංගමය (ATP) සහ කාන්තා ටෙනිස් සංගමයයි (WTA).

මේ අනුව  විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරනුයේ ජූලි මස 13 වනදායින් පසුවයි.

එමෙන්ම මේ අනුව ජාත්‍යන්තර ටෙනිස් කාලසටහනේ පවතින අනෙකුත් තරගාවලිද කල් යනු ඇත.

කෙසේ වෙතත් තුන් වරක් විම්බල්ඩන් ශූරතාව හිමිකරගත් ජර්මනියේ බොරිස් බෙකර්, විම්බල්ඩන් තරග සංවිධයකයින්ගෙන් ආයාචනය කර සිටියේ විම්බල්ඩන් තරගාවලිය කල්දැමීමට පෙර අවම වශයෙන් අප්‍රේල් මාසය නිමාවනතෙක් වත් බලා සිටින ලෙසයි. එහෙත් ඊට තරග සංවිදායකයින්ගේ අවධානය යොමුව නැත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.