Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 වසරේදී ඔස්ට්‍රේලියා‌වේ පැවැත්වීමට  නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමෙ තරග ක්‍රීඩා කරමින් තරගාවලියේ සුපිරි 12 දෙනොගේ කාණ්ඩයට පැමිණීමට සිදුවනු ඇත.

දෙසැම්බර් 31 දාට පැවැති විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි අනුව මුල් ස්ථාන ලබාගත් කණ්ඩායම් 8 සෘජුවම සුපිරි 12 දෙනාගේ වටයට ක්‍රිඩා කරයි.

අනෙක් කණ්ඩායම් හතර කාණ්ඩ වටයෙන් පවත්වන තරගාවලියෙන් ප්‍රධාන තරගාවලියට පැමිණෙනු ඇත.

පාකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, ඒංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් දැනටමත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා තවත් රටවල් හයක් කාණ්ඩ තරගාවලියට ක්‍රීඩා කරන අතර ඒයින් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 4ක් සුපිරි 12 දෙනාගේ තරගාවලියට ක්‍රීඩා කරනු ඇත. මෙම කාණ්ඩ තරගාවලිය 2020/10/18 දා සිට 2020/11/15 දා දක්වා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානය ඒක් අවස්ථාවකදී ජයගෙන ඇති අතර අවස්ථා තුනකදී අවසන් මහ තරගයට ක්‍රීඩා  කර තිබේ. ශ්‍රී ලංකාව අභිභවමින් ඇෆ්ගනිස්ථානය ප්‍රධාන තරගාවලියට සුදුසුක් ලබාගෙන ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.