Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙම වසරේ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීම යථාර්ථවාදී නොවන කටයුත්තක් බවත්, රටවල් දහසයක ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළු කිරීම දුෂ්කර ක්‍රියාවක් බවත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ කෝවිඩ්-19 වසංගතය ගෝලීය වසංගතයක් දක්වා පැතිරීමත්, ඔස්ට්‍රේලියාව තුළ කෝවිඩ්-19 පාලනය තවමත් දුෂ්කර කටයුත්තක් වී ඇති බැවිනි.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, කෝවිඩ්-19 වයිරසය හේතුවෙන් බොහෝ ගෝලීය දේශසීමා තවමත් වසා දමා ඇත.

"මෙම වසරේ ලෝක කුසලානය තවමත් විධිමත් ලෙස අවලංගු කර හෝ කල් දමා නොමැති අතර, රටවල් 16ක් ඔස්ට්‍රේලියාවට ඇතුළත් කිරීමට අපි උත්සාහ කරමින් සිටිනවා. එහෙත් බොහෝ රටවල් තවමත් 'කෝවිඩ්-19' වසංගතයේ ඉහළ අවදානමක සිටිනවා. ඒ නිසා මම සිතන්නේ ලෝක කුසලානය පැවැත්වීම යථාර්ථවාදී නොවන බවයි" යනුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් සභාපතිවරයා ලෝක කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විකල්ප ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරට තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමද ඇතුළත්ව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම තවත් මසකින් පමා කර තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.