වේගවත්ම විස්සයි20 ලකුණු 2000 කෝලිගෙන්
- 2018-07-04 16:15:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විස්සයි20 ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.
ඒ එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (03දා) පැවැති විස්සයි20 තරගයේදීය. මෙම තරගයේදී පන්දු 22කදී ලකුණු 20*ක් රැස්කරමින් කෝලි විස්සයි20 පිටියේ ලකුණු සංඛ්‍යාව 2012ක් බවට පරිවර්තනය කර ගත්තේය
ඔහුට ඒ සඳහා ඉනිම 60ක් පමණක් ගතවී තිබේ. කොලිගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 90ක් ලෙස දැක්වෙන අතර ඉනිමක සාමාන්‍ය 49.07කි.
විස්සයි20 පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වන්නේ නවසීලන්තයේ මාටින් ගප්තිල්ය (2271/ඉනිම 75) . ඉන් අනතුරුව නවසීලන්තයේම බ්‍රෙන්ඩන් මැකලම් (2140/ඉනිම 71) හා ශොයිබ් මලික් (2039/ඉනම 100) දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි. කෝලි සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
එංගලන්තය හා පැවැති විස්සයි20 තරගය කඩුලු අටකින් ජය ගැනීමටත් ඉන්දියාව සමත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments