වොනර්ගේ ශතකය ඉතිහාසයට
- 2017-01-03 12:28:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ටෙස්ට් තරගයක පළමු දිනයේදී දිවා ආහාරයට පෙර ශතකයක් වාර්තා කළ ලෝකයේ පස්වැනි ක්‍රීඩකයා බවට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් පත්ව තිබෙයි. ඒ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (03දා) දිනයේදීය.
තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඔහු පන්දු 78කින් ශතකයක් වාර්තා කරමින් මෙසේ වාර්තා අතරට එක්වීය. තරගයේ පළමු දිනයේදී දිවා ආහාරයට පෙර වෝනර් මෙම දක්ෂතාව දැක්වීය. කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව ඔහු ලකුණු 113ට දැවී ගියා. දිවා ආහාරයට තරගය නිමා කිරීමට විනාඩි 4ක් ඉතිරිව තිබියදී ඔහු ශතකය රැස්කළේය.
මීට ඉහතදී පාකිස්තානයේ මජීඩ් ඛාන්, ඔස්ට්‍රේලියාවේ චාර්ල්ස් මැකර්ට්නේ, ඔස්ට්‍රේලියාවේ වික්ටර් ට්‍රම්පර් හා ඔස්ට්‍රේලියාවේම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මෙම දක්ෂතාව දක්වා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments