Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකාව සහභාගිවූ අවසන් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

මෙල්බර්න්හි පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 දී කඩුලු 8ට ලකුනු 91ක් රැස්කිරිමට සමත්විය.

සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ ශෂිකලා සිරිවර්ධන සිය පන්දුවාර 4 තුළදී ලකුණු 16ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූවාය.

ලකුණු 92ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පන්දුවාර 15.3කදී සම්පූර්ණ කළේය. විස්සයි20 ලෝක කුසාලාන තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් වාර්තා කළ විශාලම ජයග්‍රහණය මෙය වෙයි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය මෙය වෙයි.

එසේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක ලෙස කටයුතු කරමින් කාන්තා ක්‍රිකට් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සිදුකළ තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියට සමුදුන්නාය. ඒ ඇය සහභාගීවූ අවසන් තරගයේදී වීරවරිය ලෙස සම්මානද දිනාගනිමිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.