Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර පිටියට සමුදීමට සැරසෙයි. ඒ ඔස්ට්‍රේලියාවේදී හෙට (21දා) ඇරඹෙන විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි.

ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට දන්වා තිබෙන අතර, මේ වනවිට ඇය විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග සඳහා එක්ව සිටියි.

මේ වනවිට ශ්‍රී ලංකා කන්තා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශෂිකලා 2003 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින වරම් දිනාගත් අතර, ඇය මේ වනවිට එක්දින තරග 118කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ධශතක 07ක් සමගින් ලකුණු 2,029ක් ලබා සිටින්නීය.

2013 වසරේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 68 ඇයගේ එක්දින දිවියේ ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයයි. තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස දක්ෂතා දැක්වූ ඇය එක්දින තරගවලදී කඩුලු 124ක් දවාගෙන තිබේ. 2005 වසරේදී පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 11කට කඩුලු 04ක් දවාගැනීම ඇයගේ එක්දින පන්දු යැවීමේ ඉහළම දස්කමයි.

ලකුණු 1000කට වැඩියෙන් රැස්කළ හා කඩුලු 100කට වැඩියෙන් දවාගත් පළමු හා එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ඇය වෙයි.

2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරග වරම් ලබන ඇය මේ වනවිට විස්සයි20 තරග 77කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ධ ශතක 02ක් සමගින් ලකුණු 1,079ක් ලබා සිටින්නීය. 2014 වසරේ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 52 ඇයගේ විස්සයි20 තරග දිවියේ ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස සැලකේ. ඇය විස්සයි20 තරගවලදී කඩුලු 70ක් දවාගෙන තිබේ.

2018 වසරේදී පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 09කට කඩුලු 04ක් දවාගැනීම ඇයගේ විස්සයි20 පන්දු යැවීමේ ඉහළම දස්කම ලෙස වාර්තා වේ.

ශෂිකලා 2014 වසරේදී ජාත්‍යන්තර එක්දින පිටියේ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකර ගැනීමට සමත් වූවාය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.