Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

‘රියාද්’ නුවරදී පැවති ආසියානු සමුළු වයස 16න් පහළ පාපන්දු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ ලීග් තරග වටයට සහභාගි වූ ශ්‍රී ලංකාව එහිදී මුහුණ දුන් අවසන් තරගයේදී සත්කාරක සෞදි අරාබියට එරෙහිව ගෝල 10 - 0 ක දැවැන්ත පරාජයක් ලැබීය.


රටවල් පහක් සහභාගි වූ තරගාවලියේ කාලපීය ‘ඊ’ කාණ්ඩයේ තරග වටය මෙසේ රියාද් නුවරදී නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හතරෙන්ම පරාජයට පත්වූයේ එකම  තරගයකදීහෝ ප්‍රතිවාදින්ට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට අසමත් වෙමිනි. එහිදී ප්‍රතිවාදින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 29ක් රැස් කර තිබීම කැපී පෙනේ.


ජෝර්දානයට එරෙහිව ගෝල 6-0 කින්ද උස්බෙකිස්ථානයට එරෙහිව ගෝල 6-0 කින්ද හා බහරෙන් රාජ්‍යයට එරෙහිව ගෝල 7-0 කින්ද ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.


ඒ කාණ්ඩයේ රටවල් පහෙන් වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් ජෝර්දානය හා සෞදි අරාබිය තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්හ.
සෞදි අරාබිය තරගයේ පළමු භාගයේදී ගෝල 6-0 කින් ඉදිරියට පැමිණ තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ඒ.ආර්. තනුජාන්ගේ අතපසුවීමකින් ශ්‍රී ලංකා දැල තුළට ඔහු විසින්ම පන්දුව යොමු කිරීමෙන්ද සෞදි කණ්ඩායමට තවත් ගෝලයක් හිමිවිය. තරගයේ 20, 23, 27, 34, 35, 45, 46, 55, 64, 71 යන විනාඩි වලදී සෞදි කණ්ඩායමේ ගෝල වාර්තාවීම කැපී පෙණුනි.


මේ වන විට භූතානයේ තිම්පු නුවරදී ආසියානු සමුළු වයස 18 න් පහළ බාලක තරගාවලියේ මූලික වටය පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව සහභාගි නොවේ. පසුගිය 20 වැනිදා ආරම්භ වූ එය අද (27) නිමාවට පත්වීමට නියමිතව තිබුණි.


තිම්පු තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීම ඉවත් කර ගෙන ඇත්තේ නිල තරග කාලසටහන එළිදැක්වීමෙන් පසුව බව වාර්තාවේ. ඒ හේතුවෙන් රටවල් පහකට සීමා වූ තරගාවලියේ ශූරයන් තෝරා ගැනෙන පිළිමලුන් පිටුදැකීමේ තරග වටය අහෝසි කරමින් ලීග් ක්‍රමයට එහි ශූරයන් තෝරා ගැනීමට ආසියානු පාපන්දු සමුළුව තීරණය කළ බවද වාර්තාවේ.


‘තිම්පු’ නුවරට ගොස් සිටින දකුණු ආසියානු පාපන්දු සමුළුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රුද්‍රිගු මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ මෙම තරග මාලා සඳහා සහභාගි වන දකුණු ආසියානු කලාපයේ රටවලට ඒ සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර හා නවාතැන් පහසුකම් සැපයීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණයක් ගෙන තිබූ බවය.


රියාද් නුවර දී පැවති තරගාවලියේදී මෙන්ම පසුගිය අගෝස්තු මාසයේ කත්මන්ඩු නුවරදී පැවති සාෆ් වයස 15 න් පහළ තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස ජපන් ජාතික සුසුකි විතාෂි මහතා කටයුතු කළේය.


කත්මන්ඩු තරගාවලියේදීද ශ්‍රී ලංකාව කිසිදු තරගයක් ජය ගැනීමට අපොහොසත් විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.