ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තහනමක්
- 2017-10-26 13:26:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් පරිපාලනයට ශ්‍රී ලංකා රජයෙන් එල්ලවී තිබෙන බව කියන බලපෑම් පහව යනතුරු ශ්‍රී ලංකාවට තාවකාලිකව අන්තර්ජාතික බැඞ්මින්ටන් තරග තහනමක් පැනවීමට ලෝක බැඞ්මින්ටන් සම්මේලනය තීරණය කර තිබේ.
ලෝක බැඞ්මින්ටන් සම්මේලනය පෙරේදා (23) නිල වශයෙන් ශ්‍රී ලංකාවට එම දැනුම්දීම කර තිබේ. මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඞ්මින්ටන් පරිපාලනයෙන් තාවකාලිකව ඉවත් කර බැඞ්මින්ටන් අතුරු කමිටුවක් පත්කර තිබේ. අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද ක්‍රීඩා ඇමතිවරයා විසින් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ කටයුතු අත්හිටුවන විට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශාන්ත ජයසිංහ මහතාය.
අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනය ශ්‍රී ලංකාවට පැනවූ තහනම නිල වශයෙන් දැනුම්දීමේ ලිපිය යොමුකර ඇත්තේ එම අවස්ථාවේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති ධුරය දැරූ නිශාන්ත ජයසිංහ මහතා වෙතය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග තහනම පැනවීමේ ලිපියේ පිටපත් ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති පෝල් එරික් හොයර්, ආසියානු බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති ඇන්ටන් වෝලන්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ජාත්‍යන්තර සබඳතා කටයුතු නිලධාරී ජෙරම් ෆොසිව් හා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරුන්ටද යොමු කිරීමට එහිදි නිල නිවේදනය නිකුත් කළ ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ලේකම් තෝමස් ලුන්ඞ් මහතා කටයුතු කර තිබේ.
එම සම්මේලනය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික බැඞ්මින්ටන් තරග තහනම පැනවීම හැරෙන්නට තහනම බලපැවැත්වෙනතුරු ජාත්‍යන්තර බැඞ්මින්ටන් තරග සහභාගි වීම, ජාත්‍යන්තර තරග සඳහා සත්කාරය දැරීම මෙන්ම ලෝක සම්මේලනය මෙහෙයවන සමුළුවාර හා වෙනත් වැඩසටහන් සඳහා සභාගීවීමද ශ්‍රී ලංකාවට තහනම් වනු ඇත.
ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ ව්‍යවස්ථාවේ වගන්ති කීපයක් කඩ කර ඇති ශ්‍රී ලංකාව සිය බැඞ්මින්ටන් ව්‍යවස්ථාව ලෝක සමුළුවට සමගාමීව හා ඔලිම්පික් ප්‍රඥප්තියට අනුව යමින් සකස් කර ගනිමින් නැවත ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය විධිමත්ව කැඳවීමට කටයුතු කරමින් මෙම ගැටලුව නිරාකරණය කර ගන්නා ලෙස ලෝක සම්මේලනය ශ්‍රී ලංකාවට පෙරේදා නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා දේශීය බැඞ්මින්ටන් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කළේ පසුගිය අප්‍රේල් 20 වැනිදාය.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් වර්තමානයේ බැඞ්මින්ටන් ක්‍රීඩාව පරිපාලනය කරනු ලබයි. කෙසේ වුවත් පසුගිය ජුනි 15 වැනිදා බැඞ්මින්ටන් සම්මේලනයේ නිලවරණය මුල් වරට කැඳවා තිබියදී එය නැවත පසුගිය ජූලි 11 වැනිදා දක්වා කල් දැමුණි.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ පසුගිය පාලන සමයේ ගිණුම් වාර්තා විගණනය නොවීම නිලවරණය අත්හිටුවීමට හේතුවූ බව වාර්තා විය. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමත් නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීමත් සහ කාරණා (චෝදනා) මුල්කර ගනිමින් ලෝක සම්මේලනය ශ්‍රී ලංකාවට තාවකාලික තහනමක් පැනවූ බව වාර්තාවේ.
බැඞ්මින්ටන් අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන්නේ ක්ලැන්ස් සෝමා හා රොහාන් ද සිල්වා යන මහත්වරුය.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් පරිපාලනයේ දිගින් දිගටම පවතින ආරවුල් හේතුවෙන් වසර 2015 දී ද ශ්‍රී ලංකාවට අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනය තාවකාලික තහනමක් පනවා තිබුණි.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments