Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කඩුල්ල රැකගැනීමට වඩා තම තමන් වාඩත් ඇලුම් කරන පහර කරා යාමට උනන්දු වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමේදීත් එකා පසුපස එකා දැවී ගියහ. එහි ප්‍රතිඵලක් ලෙසින් නාග්පූර්හිදී අද (27 වැනිදා) නිමාවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදීම ශ්‍රී ලංකාව පරදවා ඉනිමක සහ ලකුණු 239 ක පහසු ජයක් අත්කරගැනීමට ඉන්දියාව සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 405 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිලේ ගමන ලකුණු 166 දී අවසන් විය.

මෙම තරගය ජයගැනීමත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඉන්දීය පිල සමත්ව සිටී. මේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ලද දරුණුතම පරාජයයි. අනෙක් අතට එය ඉන්දියාවේ විශාලතම ජය සම කිරීමකි. මීට වසර 10 කට පෙර බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 239 කින් පරාජය කිරීමට ඉන්දීය පිල සමත් විය.

ලකුණු 384 ක් පසුපසින් සිට සිවුවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයට පෙර කඩුලු 7 ක් අහිමි කරගත්තේය. දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය එහෙම පිටින්ම සිඳී තිබුණු අතර දිවා ආහාරයෙන් පසුව තරගය හමාර කිරීම සඳහා ඉන්දියානුවන්ට අවශ්‍ය වූයේ ඕවර 8 ක් පමණි.

ලකුණු 63 කට කඩුලු 4 ක් දවාගත් රවිචන්ද්‍රන් අශ්වින් අඩුම තරග සංඛ්‍යාවකින් එම ටෙස්ට් කඩුලු 300 කඩයිම පසුකළ පන්දු යවන්නා ලෙසින් ක්‍රිකට් වාර්තා පොතට එක්විය. ඔහුට කඩුලු 300 ක් දවාගැනීම සඳහා අවශ්‍ය වී ඇත්තේ තරග 54 ක් පමණි.

අශ්වින් විසින් බිඳ දමන ලද්දේ 70 සහ 80 දශකයන්හිදී ලෝ පුරා පිතිකරුවන්ට භීතිය කැඳවූ ඩෙනිස් ලිලී විසින් තබන ලද වේගවත්ම කඩුලු 300 වාර්තාවයි. ඒ සඳහා ලිලීට තරග 56 ක් අවශ්‍ය වී තිබිණ.

“මගේ එකම බලාපොරොත්තුව මේ කඩුලු 300 දෙගුණ කරගැනීමයි. මොකද මම තවමත් ක්‍රීඩා කරලා තියෙන්නේ ටේස්ට් තරග 50 ක් වගේ සංඛ්‍යාවක්” යයි ද අශ්වින් පැවසීය.

මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීමට සඳහා ලකුණු 405 ක් රැස්කිරිමේ අභියෝගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි දින සන්ධ්‍යාවේදීම ලකුණු 21 කට කඩුල්ලක් අහිමි කරගෙන සිටියේය. එහෙත් අද පෙරවරුවේදී මුරලි විජේගේ අති දක්‍ෂ උඩපන්දු රැකගැනීමක් හමුවේ දිමුත් කරුණාරත්න දැවී යාමේ සිට ලකුණු 73 ක් ඇතුළත කඩුලු 8 ක් බිඳ වැටිණ.

තරගයේ සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබෙන බැවින් ලැබෙන අවස්ථාවන්හිදී ලකුණු ලබාගැනීමත් පිතිකරුවන්ගේ වගකීමකි. එවන් තත්ත්වයක් තිබියදී රවීන්ද්‍ර ජදේජාගේ පන්දුවක් මිඞ් විකට් කලාපයට තල්ලු කිරීමට දිමුත් කරුණාරත්න ගත් උත්සාහය අපරීක්‍ෂාකාරී පහරක් නොවේ. එහෙත් සිලි මිඞ් ඕන්හි සිටි මුරලි විජේගේ පපු පෙදෙසේ වැදුණු පන්දුව උදරය දෙසට ඇදී එද්දී බිම වැටීමට පෙර එය රැකගැනීමට ඉන්දීය ආරම්භක පිතිකරුවා සමත් වූයේ කරුණාරත්නගේ ඉනිම ලකුණු 18 දී කෙළවර කරමිනි.

එතැන් සිට දක්නට ලැබුණේ කඩලු රැකගැනීමේ උත්සාහයක් නොව උමතුවෙන් මෙන් තම තමන්ගේ පහර කරා යාමේ උනන්දුවකි.

පිට ඉන්නට ඈතින් යන පන්දුවක් හඹා යමින් පහරක් ගැසීමට උත්සාහ කළ ළහිරු තිරිමාන්නගේ ඉනිම ලකුණු 23 දී නිමා විය. ඇන්ජලෝ මැතිව්ස්ගේ උඩපන්දුව මිඞ් ඕෆ් හි සිටි ක්‍රීඩකයා විසින් ගිලගන්නා ලද අතර කඩුල්ල වටා යමින් පන්දු යැවූ ඉෂාන්ත් ෂර්මා ඉතා පහසුවෙන්ම නිරෝෂන් දික්වැල්ල අන්දමන්ද කළේය. දික්වැල්ලගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ස්ලිප් කලාපයට ඇදී යද්දී දෑතින් එහි ගමන අවහිර කළ විරාට් කෝලි පසුව තනි අතින් උඩපන්දුව රැකගත්තේය.

විස්සයි-20 තරගයකදී මෙන් ඉවක් බවක් නැති පිතිහරඹයක යෙදුණු දසුන් ශානක පන්දු 8 කදී ලකුණු 17 ක් ලබාගත්තේ හයේ පහර දෙකක් සහ හතරේ පහරක්ද සමගින් වූවත් එයින් කණ්ඩායමට තියා ඔහුටවත් ප්‍රයෝජනයක් නොවීය.

සිය සගයින් එකා පසුපස එකා දැවී යන අතරේ අනෙක් අන්තයට වී හුදෙකළා පිතිහරඹයක නිරතව සිටි දිනේෂ් චන්දිමාල්ට අර්ධ ශතකය කරා යාමට සහයෝගය දුන් සුරංග ලක්මාල් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 38 ක් එක් කිරීමට සම්මාදම් වූයේය.

අති විශිෂ්ට ද්විත්ව ශතකයකින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැමූ විරාට් කෝලි තරගයේ වීරයා සම්මානය රැගෙන ගියේය.


ශ්‍රී ලංකාවේ දරුණුතම ටෙස්ට් පරාජයන්

2017 - ඉනිමකින් සහ ලකුණු 239 කින්  - ඉන්දියාව හමුවේ නාග්පූර්හිී
2001 - ඉනිමකින් සහ ලකුණු 229 කින්  - දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී
1993 - ඉනිමකින් සහ ලකුණු 208 කින්  - දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී
2012 - ඉනිමකින් සහ ලකුණු 201 කින්  - ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී

(ලංකාදීප අැසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.