Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් තරග තුනකට සත්කාරකත්වය ලබාදෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතකය සඳුදා (දෙසැම්බර් 04දා) නිවේදනය කළේය.

 ට්‍රිනිඩෑඩ්, බාබඩෝස් සහ සාන්ත ලුසියා (පළමු වතාවට ටෙස්ට් තරගයකදී ශ්‍රි ලංකාව ක්‍රීඩා කරන ) ටෙස්ට් තරග තුන පැවැත්වෙන ස්ථාන වෙයි. පළමු ටෙස්ට් තරගය ජුනි 6 වන දින ස්පාඤ්ඤ වරායේ ක්වීන්ස් පාක් ඕවල්හිදී ආරම්භ වේ.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වන දින දෙකක පුහුණු තරගයකින් මෙම සංචාරය ආරම්භ වේ.

 1981 දී ශ්‍රී ලංකාව පූර්ණ සාමාජිකයෙකු බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කොදෙව්හි පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්ව හතරවන අවස්ථාව මෙය වෙයි.  මේ දක්වා කැරිබියන් දූපත් හි ශ්‍රී ලංකාව ක්‍රිඩා කර ඇති ටෙස්ට් තරග හයෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර තරග තුනක් පරාජය වී තිබේ. තරග දෙකක්  ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

1997 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට කොදෙව් ටෙස්ට් තරගාවලියකට එක්වූයේ 1996 ලෝක කුසලානය දිනාගැනීමෙන් ටික දිනයකට පසුව අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේය.

ශ්‍රී ලංකාව මේ වන ඉන්දියාවේ පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්ව ඇත. එහි තෙවැනි හා අවසාන ටෙස්ට් තරගය මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඉන්දියාව දැනටමත් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන ඇත. ශ්‍රි ලංකාවේ මෑත කාලීන ටෙස්ට් තරග පිළිබඳව අවධානය යොමුකරයි නම් ඔවුන් ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවි 3-0ක් ලෙස පරාජයට පත්විය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පකිස්ථානයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ලෙස ජයගත්තේය.

කොදෙව්වන් මේ වන විට නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින විට ඔවුන්ද එහි  ටෙස්ට් තරගවලියට සාර්ථක ආරම්භයක් නොගත්තේය. පළමු ටෙස්ට් තරගයේදි ඔවුන් ඉනිමක හා ලකුණු 67 ක පරාජයක් ලැබීය. නමුත් ඔවුන් එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගත් අතර සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය ජයගත්තේ.

තරග කාලසටහන

මැයි 30-ජූනි 1:  පුහුණු තරගය බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ට්‍රිනිඩෑඩ්

ජූනි 6-ජූනි 10: පළමු ටෙස්ට් තරගය, ක්වීන්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්

ජුනි 14-ජූනි 18: දෙවැනි ටෙස්ට් තරගය, කෙන්සිංටන් ඕවල්, බාබඩෝස්

ජුනි 23-ජූනි 27: තුන්වැනි ටෙස්ට් තරගය, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, ශාන්ත ලුසියා

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.