දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාව පෙරමුණේ
- 2016-10-20 17:17:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ මේ වන විට ඉන්දියාව පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ සිටින අතර බංග්ලාදේශය තෙවැනි ස්ථානයේත්, පාකිස්තානය සිවුවැනි ස්ථානයේ හා මාලදිවයින පස්වැනි ස්ථානයේත් පසුවෙති.
පුවත්පත මුද්‍රණයට යද්දී ඉන්දියාව රන් පදක්කම් 76ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකාව රන් පදක්කම් 16ක් ලබා සිටියේය. බංග්ලාදේශය රන් පදක්කම් 2ක් හා පාකිස්තානය හා මාලදිවයින රන් පදක්කම බැගින් දිනා සිටිති.
කොළඹ සුගතදාස පිහිනුම් සංකීර්ණයේ පැවැත්වෙන තරගාවලියේ දී මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. මීටර් 100 පිරිමි අවුරුදු 18න් ඉහළ නිදහස් ආර ඉස්ව්වේ රන් පදක්කම තත්පර 51.26කින් මැතිව් දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවේ ෂලී චොප්රා තත්පර 52.32කින් හා ලෝකඩ පදක්කම බංග්ලාදේශයේ මෆුසර් රහ්මාන් තත්පර 53.11කින් දිනාගත්හ.
මීටර් 200 කාන්තා 18න් ඉහළ පසුපස ආර ඉසව්ව විනාඩි 2: 18.93කින් නිම කළ කිමිකෝ රහීම් රන් පදක්කම දිනාගත් අතර ඉන්දියාවේ මානා රජීව් පටේල් විනාඩි 2:31.45කින් රිදී පදක්කම හා විනෝලී කලුආරච්චි විනාඩි 2: 35.05කින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.
තරගාවලියේ පිහිනුම් තරගවල අවසන් දිනය අද වන අතර හෙට කිලෝමීටර් 5ක් දුර විවෘත ජල පිහිනුම් තරගය ගාලු මුවදොර වෙරළ තීරයෙන් ආරම්භ වී වැල්ලවත්ත දෙසට ගමන් කෙරේ. අද පැවැත්වෙන තරගයෙන් දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත්වේ.
තරග ප්‍රතිඵල
මීටර් 100 කාන්තා අවුරුදු 18න් ඉහළ නිදහස් ආර
1ෂිවානී කටාරියා තත්. 59.22 (ශ්‍රී ලංකාව) 2. රජේන්ද්‍ර පන්සාර් වි. 1:01.19(ඉන්දියාව) 3. ඉෂාණී සේනානායක වි.1:01.57 (ශ්‍රී ලංකාව)
මීටර් 100 පිරිමි අවුරුදු 18න් ඉහළ නිදහස් ආර
1. මැතිව් අබේසිංහ සිල්වා තත්. 51.26 (ශ්‍රී ලංකාව) 2.ෂලී චොප්රා තත්. 52.32 3.මෆුසූර් රහ්මාන් තත්.53.11 (බංග්ලාදේශය)
මීටර් 100 කාන්තා වයස 15න් පහළ සමනළ ආර
1. මයුරී ලින්ගරාජ් වි. 1:07.49 (ඉන්දියාව) 2. තමලී බන්ඩාර වි. 1:13.42(ශ්‍රී ලංකාව) 3. නබාෂී පෙරේරා වි. 1:16.50(ශ්‍රී ලංකාව)
මීටර් 100 පිරිමි වයස 15න් පහළ සමනළ ආර
1.අදීත්‍යා දිනේෂ් තත්. 59.42 (ඉන්දියාව) 2. බස්ටාබ් තාපන් තත්. 59.78 (ඉන්දියාව) 3.රවීන් සෙනවිරත්න වි. 1:01.98( ශ්‍රී ලංකාව)
මීටර් 100 කාන්තා වයස 18න් පහළ සමනළ ආර
1.ධාමිනී ක්‍රිස්නප්පා වි.1:05.46 (ඉන්දියාව) 2. හිරුණී පෙරේරා වි. 1:07.10( ශ්‍රී ලංකාව) 3. සන්දු සවින්දා වි. 1:09.93(ශ්‍රී ලංකාව)
මීටර් 100 පිරිමි වයස 18න් පහළ සමනළ ආර
1. මිහීර් රජේන්ද්‍ර තත්.56.22 (ඉන්දියාව) 2. කයිල් අඹේසිංහ තත්.57.52 (ශ්‍රී ලංකාව) 3.යූ.ඒ.ගුණරත්න තත්. 58.48
මීටර් 50 කාන්තා වයස 18න් ඉහළ පසුපස ආර
1.ජයයොට්ස්නා රාජේන්ද්‍ර තත්. 31.72 (ඉන්දියාව) 2. ෂෙයර්න්තී පෑන් තත්. 31.99 (ඉන්දියාව) 3. විනෝලී සිරිවර්ධන තත්. 33.56 (ශ්‍රී ලංකාව)
මීටර් 50 පිරිමි වයස 18න් ඉහළ පසුපස ආර
1.ෂෙට් වෙඩන්ට් තත්. 27.19 (ඉන්දියාව) 2. ඩිලෝන් අඹේසිංහ තත්. 27.67 (ශ්‍රී ලංකාව) 3. ඉමේෂ් චතුරංග තත්. 28.12 (ශ්‍රී ලංකාව)
මීටර් 50 කාන්තා වයස 15න් පහළ ළය ආර
1.අලියාර් සිං තත්. 34.74 (ඉන්දියාව) 2. රමුදි සමරකෝන් තත්. 36.50 (ශ්‍රී ලංකාව) 3. ෂෙනාලී පෙරේරා තත්. 37.25 (ශ්‍රී ලංකාව)
මීටර් 50 පිරිමි වයස 15න් පහළ ළය ආර
1. රිකී සිංග් තත්. 33.09 (ඉන්දියාව) 2. කුසල් පසුමාර්තී තත්. 33.18 (ඉන්දියාව) 3. ප්‍රමේෂ් කුරේ තත්. 33.46 (ශ්‍රී ලංකාව)
මීටර් 50 කාන්තා වයස 18න් පහළ ළය ආර
1. රිද්දී සුරේන්ද්‍රා තත්. 36.32 (ඉන්දියාව) 2. රොමේනා අක්ටර් තත්. 37.03 (බංග්ලාදේශය) 3.අනූෂේ ඩී ඉංජිනියර් තත් 37.17 (පාකිස්තානය)
මීටර් 50 පිරිමි වයස 18න් පහළ ළය ආර
1.අරිෆූල් ඉස්ලාම් තත්. 30.94 (බංග්ලාදේශය) 2. සී. ආර්. යෝගරත්නම් තත්. 31.45 (ශ්‍රී ලංකාව) 3. වරූන් පටේල් තත්. 31.70 (ඉන්දියාව)
මීටර් 200 කාන්තා 18න් ඉහළ පසුපස ආර
1.කිමිකෝ රහීම් විනාඩි 2: 18.93 (ශ්‍රී ලංකාව) 2. මානා රජීව් පටේල් වි. 2:31. (ඉන්දියාව) 3. විනෝලී කලුආරච්චි වි. 2: 35.05 (ශ්‍රී ලංකාව)
Reply To:
Name - Reply Comment
0 Comments