Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන්  ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 315 ක දැවැන්ත ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 41.4 කදී ලකුණු 223 කට සීමා කළහ. තරගයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග, බංග්ලාදේශ ඉනිමේ 10 වැනි කඩුල්ලත් සමගින් ලකුණු 38 කට කඩුලු තුනක් දවාගත්තේය.මාලිංග පන්දු යැවීමට ක්‍රීඩාංගණයට පැමිණෙන දෙපස සෙසු ක්‍රීඩකයෝ ආචාර දැක්වූහ. එම අවස්ථාවේදී බැලුම් ගුවන්ගත කිරීමෙන් ක්‍රීඩාංගණයට ඉහළ අහස වර්ණවත් විය.

මුෂ්ෆිකුර් රහීම් අන්තයක් ආරක්‍ෂාකරගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. රහීම් පන්දු 86 කින් හතරේ පහර පහක් සමගින් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය.

මුෂ්ෆිකුර් රහීම් සහ ශබීර් රහමන් (60) පස්වැනි කඩුල්ලට පන්දු 99 කින් ලකුණු 111 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තැනකට රැගෙන ආවද සෙසු පිතිකරුවෝ එය පවත්වාගෙන යෑමට අපොහොසත් වූහ.   

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු අටක් දැවී ලකුණු 314 ක් රැස්කිරීමට සමත් විය.

බංග්ලාදේශ පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.30 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 315 ක් රැස්කළ යුතුව තිබුණි. තරගයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලසිත් මාලිංග පන්දුවට පහර දුන් අවස්ථාවේදී ප්‍රේක්‍ෂකයන් ඔහුගේ නම කියමින් දිරිගැන්වීම කැපී පෙනුණි. 

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 52 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 48 ක් රැස්කළේය.   කුසල් පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 111 ක් රැස්කිරීමට සමත් විය. කුසල්ගේ පන්දු 99 ක ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහරක්  ඇතුළත් විය.  මෙය කුසල්ගේ පස්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ද වේ.  මෙය ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී ශ්‍රී ලංකාවේදී වසර දෙකකට පසුව රැස්කළ ශතකය වීම කැපී පෙනේ.  මෙය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු වසර පහකට පසුව රැස්කළ ශතකය ද වේ. තිලකරත්න ඩිල්ෂාන් 2014 වසරේ දෙසැම්බර් මස එංගලන්තයට එරෙහිව රැස්කළ ලකුණු 101 ක් පසුව මේ දක්වා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු ශතකයක් රැස්කර නොතිබුණි.

ඡායාරූප- ශාන්ත රත්නායක


   [caption id="attachment_43734" align="alignleft" width="750"]South Africa's captain Faf du Plessis plays a shot during the 2019 Cricket World Cup group stage match between Sri Lanka and South Africa at the Riverside Ground, in Chester-le-Street, northeast England, on June 28, 2019. (Photo by Lindsey PARNABY / AFP) / RESTRICTED TO EDITORIAL USE[/caption] 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.