Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව ජයගනී

  • 2016-11-27 20:24:36
  • 0 Comments

කෙළිමඩල- ලංකාදීප-

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර බුලවායෝ හිදී අද (27 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයේදී ලකුණු 161 ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 92 ක් ලබාසිටියේය. බ්ලූ මවුන්ටන් කුසලාන ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තවත් ඕවර 30 කදී ලකුණු 69 ක් ලබාගත යුතුව ඇත. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 39 ක් සහ සහ උපුල් තරංග නොදැවී ලකුණු 17 ක් රැස්කරමින් කඩුල්ලේ රැදී සිටිති. අනවශ්‍ය පහරවල් කරා නොගොස් කඩුල්ල ආරක්ෂා කරනිමින් ජයග්‍රහණය සොයා යන කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග සිව්වෙනි කඩුල්ල සදහා පන්දු 86 කදී ලකුණු 50 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවත්වීමට සමත්වූහ. ඉනිමේ දෙවැනි පන්දුවේදීම ධනංජය ද සිල්වා දවාගත් වමතින් වේග පන්දු යවන බ්‍රයන් විටෝරි නිරෝෂන් දික්වැල්ල ලකුණු 29 දීත් කුසල් ජනිත් ලකුණු 42 දීත් දවාගනිමින් ශ්‍රී ලංකා පිල සසළ කළේය. විටෝරි මෙම තරගාවලියට සහභාගි වන්නේ පළමු වරටය. තරගාවලිය පුරාම වඩාත් විශ්වාසදායි ලෙස පන්දුවට පහර දුන් ධනංජය ද සිල්වාගේ බලාපොරොත්තු සුන්කරමින් බ්‍රයන් විටෝරී යැවූ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයාමට ඔහුට සිදුවිය. ඕවරයකදී ලකුණු 5 ක වේගයක් පවත්වා ගනිමින් කඩුලු 2 කට ලකුණු 72 ක් ලබා සිටි සිම්බාබ්වේ ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 88 කට බිඳ වැටිණ. ජෙෆ්රි වැන්ඩසේ (50/3) සහ අසේල ගුණරත්න (10/3) එක්ව අවසන් කඩුලු 8න් කඩුලු 6 ක් බෙදාහදා ගත්හ. අවසන් කඩුලු තුන ලකුණු පහක් තුළදී දවාගැනීමට අසේල ගුණරත්න සමත්වූ අතර ඒ සදහා ඔහු යැවූයේ පන්දු හතරක් පමණී.
ලකුණු 14 ක් ලබාසිටි මැල්කම් වොලර් දවාගැනීමට සචිත් පතිරණ සමත්වූ හෙයින් මුළු ලකුණු සංඛ්‍යාව 108 ක් වනවිට හයවැනි කඩුල්ල බිඳ වැටිණ. සිම්බාබ්වේ පිල වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවා වන නායක ග්‍රේම් ක්‍රීමර් ලකුණු 133 දී පිටියෙන් ඉවත් කිරීමට ජෙෆ්රී වැන්ඩර්සේ සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට උඩපන්දු රැකීමකිනි. තවත් ලකුණු 22 ක සම්බන්ධතාවකින් පසුව ලකුණු 5 ක් ඇතුළතදී අවසන් කඩුලු තුනම දැවී ගියේ සිම්බාබ්වේ ඉනිම ලකුණු 160 දී නිමාවට පත්කරමිනි.

සිම්බාබ්වේ 
හැමිල්ටන් මසකඩ්සා - ක.මු.කළ ප. කුලසේකර 10
පීටර් මුවර් - ඇ. පතිරණ ප. ලක්මාල් 1
ටරිසායී මුසකන්ඩා - ඇ. ද සිල්වා ප. වැන්ඩර්සේ 36
ක්‍රෙග් අර්වින් -  ඇ. සහ ප. වැන්ඩර්සේ 25
සීකන්දර් රාසා - ක.මු.කළ ප. පතිරණ 5
ෂෝන් විලියම්ස් - ඇ. ද සිල්වා ප. ගුණරත්න 35
මැල්කම් වෝලර් - ඇ. සහ ප. පතිරණ 14
ග්‍රේම් ක්‍රීමර් - ඇ. මෙන්ඩිස් ප. වැන්ඩර්සේ 9
ඩොනල්ඩ් ටිරිපානෝ - නොදැවී 10
ටෙන්ඩායි චිසෝරෝ - ඇ. දික්වැල්ල ප. ගුණරත්න 5
බ්‍රයන් විටෝරී - ක.මු.කළ ප. ගුණරත්න 0
අතිරේක (පා-3, ව-6, නි-1) 10
එකතුව ඕවර 36.3 කදී සියලුදෙනා දැවී     160
කඩුලු වැටීම 
1-8 (මුවර්), 2-19 (මසකඞ්සා), 3-72 (අර්වින්), 4-85 (මුසකන්ඩා), 5-89 (රාසා), 6-108 (වෝලර්v), 7-133 (ක්‍රීමර්v), 8-155 (විලියම්ස්v), 9-160 (චිසෝරෝv), 10-160 (විටෝරී)
පන්දු යැවීම
නුවන් කුලසේකර  7-0-30-1 ව-4
සුරංග ලක්මාල්  6-0-23-1 ව-1
සචිත් පතිරණ  7-0-26-2  
දසුන් ශානක 2-0-18-0  
ජෙෆ්රී වැන්ඩර්සේ 10-0-50-3 ව-1, නි-1
අසේල ගුණරත්න 4.3-0-10-3  

බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති තරගයේදී කඩාවැටුණු ඉනිම ගොඩනැගු සීකන්දර් රාසා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත් සචිත් පතිරණ ඔහුට මෙම තරගයේදී සාර්ථකවීමට අවස්ථාවක් නොදුන්නේය.

රාසා දැවීයනවිටදී මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට ලකුණු 89 ක් ලෙස සටහන්වී තිබුණි. නැවතත් ක්‍රියාත්මකවූ ජෙෆ්රී වැන්ඩර්සේ විසින් ලකුණු 36 ක් ලබා සිටි ටරීසායි මුසකණ්ඩාගේ කඩුල්ල දවාගැනීමට සමත්විය. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකරන මුසකණ්ඩා පන්දු 37 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 36 ක් ලබාගත්තේය.
ආරම්භක පිතිකරු යුගලය ඉක්මනින් දැවීයාමත් සමගින් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ටරීසායි මුසකණ්ඩා සහ ක්‍රේග් අර්වින් සමත්වුවද සිය දෙවැනි පන්දුවේදීම සම්බන්ධතාව බිඳ හෙළීමට වැන්ඩසේ සමත් විය. පන්දු යැවූ ජෙෆ්රී වැන්ඩර්සේ අතට නැවත උඩපන්දුවක් දීමෙන් ක්‍රේග් අර්වින්ගේ ඉනිමේ නිමාවත් සිකන්දර් රාසාගේ දැවී යාමත් අතර සිම්බාබ්වේ පිලට එක්වූයේ ලකුණු 17 ක් පමණි.
ඕවර 5.1 ක් වනවිටදී වර්ෂාව ඇද හැළීම නිසා තරගය සුළු වේළාවකට නතර කිරීමට සිදුවුවද යළි ඉක්මනින් තරගය ආරම්භ කිරීමට හැකිවිය. තරගය නතර කරනවිටදී කඩුලු දෙකකට ලකුණු 19 ක් ලෙස ලකුණු පුවරුව දිස්විය.
මුළු ලකුණු සංඛ්‍යාව 19 ක් වනවිටදී අත්දැකීම් බහුල ජේෂ්ඨ පිතිකරුවකු වන හැමිල්ටන් මසකඞ්සාගේ කඩුල්ල දවැගැනීමට නුවන් කුලසේකර සමත්විය. කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවීයන විටදී මසකඞ්සා ලකුණු 10 ක් ලබාසිටියේය.

CRICKET-SRI-WIS CRICKET-ZIM-WIS CRICKET-ZIM-SRI
සිම්බාබ්වේ කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට අවතීර්ණවූ අතර පීටර් මූවර් අද තරගයේදී ආරම්භක පිතිකරු භූමිකාවට පණපෙවූවද ඔහුට සාර්ථක පිතිහරඹයක නිරතවීමට අවස්ථාවක් නොදීමට සුරංග ලක්මාල් වගබලා ගත්තේය. ලක්මාල්ගේ පන්දුවකට සචිත් පතිරණ අතට උඩපන්දුවක් දෙමින් ලකුණකට දැවීගියේය.
පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්න ප්‍රදේශය තෙත බරිත ස්භාවයක් ඉසිලු නිසා කාසියේ වාසිය උරගා බැලීම මිනිත්තු 15 කින් ප්‍රමාදවූ අතර තරග ආරම්භයද ප්‍රමාදවිය.
කොදෙව් පිල සමග පැවැති තරගයේදී ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමෙන් චාමු චිබාබා, බ්‍රයන් චාරී සහ ක්‍රිස් මොෆූ ඉවත්කර මැල්කම් වොලර්, බ්‍රයන් විටෝරී සහ ටරිසායී මුසකන්ඩා කණ්ඩායමට ඇතුළත්කර ඇත.

කොදෙව් පිල සමග පැවැති තරගයේදී ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශෙහාන් ජයසූරිය සහ නුවන් ප්‍රදීප් ඉවත්කර දසුන් ශානක සහ ජෙෆ්රී වැන්ඩර්සේ කණ්ඩායමට ඇතුළත්කර තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.