ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා උදව් කිරීමට කෝලි විවෘතයි
- 2017-08-24 12:43:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙවන සංක්‍රාන්ති සමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සූදානම් බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.
පල්ලෙකැලේ දී ඊයේ (23දා) ඔහු මෙම අදහස් දැක්වීය. ඉන්දියාවද සංක්‍රාන්ති සමයක් ගත කළ කණ්ඩායමකි. ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමය පිළිබඳව ඉන්දියාව හා සාකච්ඡා කළ යුතු බවයි.
ඒ සඳහා තමන් විවෘත බව කෝලි පවසයි.
“අපිට තවමත් සාකච්ඡාවක් තිබුණේ නෑ. ඒ වගේ දේවල් සිදුවෙන්නේ තරගකාරිත්වයෙන් බැහැර වූ විටයි. මම හිතන්නේ එය 6 වැනිදායින් පසුව සිදු වෙයි. ”
“ඕනෑම කණ්ඩායමකට සංක්‍රාන්ති සමයෙන් ගමන් කිරීම අපහසුයි. කණ්ඩායමක් ලෙස කළේ ගොඩක් වගකීම් අරගෙන පිටිය පාලනය කිරීමට උත්සාහ කිරීමයි. අපි අපගේ මනස වෙනස් කර ගත යුතුයි. ටෙස්ට් තරග 60ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සියල්ලක්ම ප්‍රතිවාදීන්ගේ සිටිනවා යන කරුණු ගැන අවධානය යොමු කළ යුතු නෑ. අපි ඔවුන්ට වඩා මනසින් සූදානම් නම් අපි ජයග්‍රහණය කිරීමට හොඳ තත්ත්වයක සිටිනවා.”
“ පළපුරුද්ද එතරම් වැදගත් නොවන බවට අපගේ මනස හදා ගත යුතුයි. එටිට සටනකින් හා තරගකාරීත්වයකින් ජයග්‍රහණය තීරණය වෙනවා. දිගු කලක් සටන් කිරීමට කැමැත්තක් ඇති නම් මේ වගේ තත්ත්වයන්ගෙන් ගොඩ ඒමට හැකි වෙනවා. ”
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments