ශ්‍රී ලංකාවේ තිදෙනෙක් තීරණ දුන් තරගයක්
- 2017-01-31 16:38:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (30දා) නවසීලන්තයේදී පැවැතියේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් විනිසුරන් හා තරග තීරකයන් ලෙස එක්වීය.
ඒ අනුව පිටියේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කළ මෙන්ම වත්මන් අයි.සී.සී. විනිසුරුවරයෙකු වෙන රුචිර පල්ලියගුරුගේ මහතා කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ තවත් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම වත්මන් අයි.සී.සී. විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.
මෙම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළේ අයි.සී.සී. තරග තීරකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රන්ජන් මඩුගල්ලේ මහතායි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments