ශූරයන්ගේ කුසලානයේ ජයග්‍රාහකයන්ට කෝටි 33ක්
- 2017-05-15 12:29:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ හා වේල්සයේ ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් කෝටි 33.8ක ත්‍යාග මුදලක් පිරිනැමීමට තරග සංවිධාකයන් කටයුතු කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ 2013 වසරේ තරගාවලිය හා සසඳා බැලීමේදී මෙවර තරගාවලියේ ලබාදෙන ත්‍යාග මුදල් ඩොලර් ලක්ෂ 5කින් වැඩි කර ඇති බවයි.
ඒ අනුව සමස්ත තරගාවලිය පුරා ලබාදීමට නියමිත ත්‍යාග මුදල ඩොලර් මිලියන 4.5කි. තරගාවලියේ අනුශූරයන් වෙනුවෙන් රුපියල් කෝටි 16.9ක මුදලක් ලබාදීමට නියමිතය.
එසේම තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණෙන කණ්ඩායමක් වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල රුපියල් කෝටි 6.93කි.
සිය කාණ්ඩායන්හි තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට ඩොලර් 90000ක ත්‍යාග මුදලක් හා අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට ඩොලර් 60,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතය.
නිරෝෂා සෝමරත්න
Reply To:
Name - Reply Comment
0 Comments