සංගක්කාරට විස්තර විචාරයට අවස්ථාවක්
- 2017-04-19 14:26:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංලන්තයේදී ජුනි මාසයේදී ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සම්බන්ධ කර ගැනීමට ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
ඒ අනුව තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරය සඳහා කුමාර් සංගක්කාර එක්වෙනු ඇත. ඔහුට අමතරව රිකී පොන්ටින්, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රෑම් ස්මිත් යන හිටපු නායකයන්ද මේ සඳහා තෝරා ගැනීමට අයි.සී.සී.ය කටයුතු කර තිබේ.
සවුරව් ගංගුලි, ෂේන් වෝන්, මයිකල් ස්ලේටර්, නසාර් හුසේන්, මයිකල් ඇතර්ටන්, ශෝන් පොලොක්, සංජේ මංජේකාර්, ඉයන් බිෂොප්, රමේෂ් රාජා, සයිමන් ඩොවුල් හා අතර් අලී ඛාන්ද විස්තර විචාරකයන් ලෙස තරගාවලියට එක්ව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments