සංගාගෙන් තවත් වාර්තාවක්
- 2017-06-29 07:54:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය යටතේ මෙවර තරග කාර්තුවේදී ලකුණු 1000 සීමාව පසුකළ පළමු පිතිකරු බවට පත්වීමට කුමාර් සංගක්කාර පෙරේදා (27) සමත්විය.
ඒ සරේ කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර පැවැති තරගයෙදී සරේ කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 180ක් රැස්කරගනිමිනි.
සංගාර තරග 7කදී ඉනිම 11ක් තුළ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1086කි. ඔහුගේ ඉනිමක සාමානය 108.60ක් ලෙස දැක්වෙන අතර ශතක හයක් හා අර්ධ ශතක 2ක් එයට ඇතුළත්ය. ඉහළම ලකුණු සංඛ්‍යාව 200කි. හතරේ පහර 12ක් හා හයේ පහර 9ක් සංගා ඉනිම 11 තුළදී වාර්තා කර තිබේ.
යෝක්ෂයර් කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් ලීඩ්ස්හි පැවැත්වෙන තරගය පසුගිය 26 දා ආරම්භවිය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 516ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments