සංගාගෙන් ශතක 100ක්
- 2017-06-14 16:15:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු පෙළ තරගවලදී හා ලිස්ට් ඒ තරගවලදී ශතක 100 සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ඊයේ (13දා) එංගලන්තයේදි සමත්විය. ඒ එංගලන්ත පළමු පෙළ එක්දින තරගාවලිය වන රෝයල් ලන්ඩන් තරගාවලියේදී සරේ කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේදිය.
සංගා පළමු පෙළ තරගවලදී ශතක 61ක් හා ලිස්ට් ඒ තරගවලදි ශතක 39ක් රැස්කරගෙන සිටියි. ඊයේ තරගයේදී ඔහු ලකුණු 124ක් රැස්කළ අතර එම ඉනිම හේතුවෙන් සරේ කණ්ඩායම යෝක්ෂයර් කණ්ඩායමට එරෙහිව ලකුණු 24ක ජයක් වාර්තා කළේය.
මෙවර එංගලන්ත පළමු පෙළ තරගාවලියෙන් පසුව සංගා පළමු පෙළ පිටියටත් සමුදීමට නියමිතය. එසේම මෙවර තරගාවලියේදී සිවුදින හා එක්දින තරගාවලියේදී සංගා මේ දක්වා ශතක අටක් රැස්කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments