සචින්ගේ පුතාට ලංකාවේ විශේෂ සැලකිල්ලක් නෑ
- 2018-06-19 15:11:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වෙන සිවුදින ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය 19 න් පහළ කණ්ඩායමට නම්කර ඇති ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර්ට ලංකාවේදී විශේෂ සැලකිල්ලක් නොලැබෙනු ඇතැයි එම කණ්ඩායමේ නව පන්දු යැවීමේ පුහුණුකරු සනත් කුමාර් පවසයි.
“ ඔහු කණ්ඩායමේ අනිත් සාමාජිකයන් හා සමානයි. මට නම් අර්ජුන් හා අනිත් ළමයි අතර වෙනසක් දකින්නේ නෑ. මගේ රැකියාව වන්නේ මේ හැම කෙනෙක්ගෙන්ම උපරිමය ගැනීමයි. ” යැයි පුහුණුකරුවා සඳහන් කරයි.
ලබන මසදී ආරම්භ වීමට නියමිත තරගාවලියේ සිවුදින තරග දෙක සඳහා අර්ජුන් තෙන්ඩුල්කාර් නම් කර ඇත.
අර්ජුන් පසුගිය සැප්තැම්බර් මාසයේදී 18 වැනි උපන්දිනය සැමරීය. මෙම තරගාවලිය ජුලි 11 දා ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු 11 දා තෙක් තරගාවලිය පැවැත්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments