Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 බෙන් ස්ටෝක්ස්ගේ තුන් ඉරියව් දක්‍ෂතා හේතුවෙන් 12 වැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ලන්ඩන් හි ඊයේ (30දා) පැවැති පළමු තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ලකුණු 104ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 312ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දු වාර 39.5කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

ඉනිමට ලකුණු 68ක් එක් කරමින් ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නද, ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට පරාජය භාර ගැනීමට සිදුවිය. මෙහිදී මැදපෙළ ශක්තිමත් කළ ආර්. වැන් ඩර් ඩො ලකුණු 50ක් රැස් කළද, එයද දකුණු අප්‍රිකාවේ පරාජය වළකාලීමට ප්‍රමාණවත් නොවුණි.

කෙසේ නමුත් ඩි කොක් සමගින් දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ හෂිම් අම්ලා, පන්දුවට පහර දෙමින් සිටියදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් වැදී ක්‍රීඩාංගණයෙන් ඉවත්ව යාමද දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භයේදීම කඩා වැටීමට හේතුවිය. අම්ලා නැවත පන්දුවට පහරදීමට පැමිණියද ඔහුට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමටද නොහැකි විය.

එංගලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ජොෆ්රා ආචර් කඩුලු 03ක් දවාලූ අතර, ලියාම් ප්ලන්කේට් හා බෙන් ස්ටෝක්ස් කඩුලු 02 බැගින් දවාලීමට සමත් වූහ.

කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 311ක් රැස් කර ගැනීමට සමත් විය.

‍මෙහිදී එංගලන්ත කණ්ඩායමට අසාර්ථක ආරම්භයකින් ඉනිම ආරම්භ කිරීමට සිදුවූ අතර,ඒ ප්‍රහාරාත්මක පිතිකරු ජොනී බෙයාස්ට්‍රෝ පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවෙන්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉම්රාන් තාහීර් සමත් වූ බැවිනි.

කෙසේ නමුත් ජෝ රූට් හා ජේසන් රෝයි කඩා වැටීමට තිබූ එංගලන්ත ඉනිමට ජීවයක් එක් කළ අතර, ඔවුන් දෙදෙනා පන්දු වාර 18.4කදී මුළු ලකුණු 107ක් දක්වා එංගලන්ත ඉනිම ඉදිරියට රැගෙන ආහ

. එහෙත්  ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 54ක් රැස් කරගෙන සිටියදී ජේසන් දැවී ගියේය. ඉනිමට තවත් ලකුණු 04ක් එක් වන විට ජෝ රූට්ද එංගලන්ත ඉනිමට අහිමි විය. කෙසේ නමුත් තමන් නායකත්වයට පත් කිරීමේ වගකීමට සාධාරණයක් ඉටු කළ එංගලන්ත නායක ඔයින් මෝගන්, බෙන් ස්ටෝක්ස්ද මෙහෙයවමින් සිව්වැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් පැවැත්වූහ. මුළු ලකුණු 217ක් වන විට සිව්වැනි කඩුල්ල ලෙස මෝගන් දැවී ගියද, ඒ වන විට ලකුණු අතර සිටි බෙන් ස්ටෝක්ස් (89) ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිම ඉහළට ඔසවා තිබිණ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි එන්ගිඩි කඩුලු 03ක් දවාලූ අතර, ඉම්රාන් තාහීර් හා කාගිසෝ රබාඩා කඩුලු 02 බැගින් බිඳ හෙළීමට සමත් වූහ.

තරගයේ වීරයා ලෙස බෙන් ස්ටෝක්ස් සම්මාන දිනා ගත්තේය.

තරගාවලියේ දෙවැනි තරගය ලෙස බ.ඉ. කොදෙව් - පාකිස්තාන තරගය අද (31දා)  නොටින්හැම්හිදී ප.ව. 03.00ට (ශ්‍රී.ල. වේලාවෙන්) පැවැත්වේ.

එංගලන්තය 311/8 (පන්දුවාර 50)

බෙන් ස්ටෝක්ස් 89 (79, 4x9), ඔයින් මෝගන් 57 (60, 4x4, 6x3), ජේසන් රෝයි 54 (53, 4x8), ජෝ රූට් 51 (59, 4x5), බෙන් ස්ටෝක්ස් 18 (16), ලුන්ගි එන්ගිඩි 3/66 (10), ඉම්රාන් තාහීර් 2/61 (10), කාගිසෝ රබාඩා 2/66 (10)

දකුණු අප්‍රිකාව 207/10 (පන්දුවාර 39.5)

ක්වින්ටන් ඩි කොක් 68 (74, 4x6, 6x2), ආර්/ වැන්ඩර් ඩෝසන් 50 (61, 4x4, 6x1), ඇන්ඩ්‍රේ පෙහ්ලෙක්වායෝ 24 (25, 4x4), ජොෆ්රා ආචර් 3/27 (7), බෙන් ස්ටෝක්ස් 2/12 (2.5), ලියාම් ප්ලන්කට් 2/37 (7)

විශ්ව මුදියන්සේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.