සබරගමු පළාත් අවුරුදු 12න් පහළ පිරිමි සහ කාන්තා මයිලෝ ශූරතා දෙකම කෑගල්ල දිස්ත්‍රික්කය දිනා ගනී
- 2018-08-03 15:23:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සබරගමු පළාත් මයිලෝ බාසිලෝනා අවුරුදු 12න් පහළ බාලක බාලිකා පාපන්දු තරගාවලිය පසුගියදා රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර, පිරිමි සහ කාන්තා ශූරතා දෙකම කෑගල්ල දිස්ත්‍රික්කය විසින් දිනාගන්නා ලදී.
නෙස්ලේ සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පාපන්දු සංගමය සහ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ප්‍රථම වරට මෙම තරගාවලිය පැවැත්වුණි.
පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 13ක් තරග වැදුණ අතර, මෙම තරගාවලියේදී අවසන් මහ තරගය දෙහිඕවිට ඇන්.ඇම්.පෙරේරා මහ විද්‍යාලයත් පල්ලේකනුගල විද්‍යාලයත් අතර පැවැත්වුණි.
මෙම තරගයේදී පල්ලේ කනුගල විද්‍යාලය එන්.එම්. පෙරේරා විද්‍යාලය පරදවා 1-0ක පහසු ජයක් අත්කරගනිමින් ශූරතාවය දිනා ගැනීමට සමත්විය.
අවුරුදු 12න්පහල පිරිමි තරඟා වලිය සඳහා කණ්ඩායම් 25ක් සහභාගිවු අතර මෙම තරඟාවලියේ අවසන් මහ තරඟය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බදුරියා මහ විද්‍යාලයත් අල් අෂ්වර් විද්‍යාලයත් අතර පැවැත්විනි.මෙම තරඟයේදී මාවනැල්ල බදුරියා මහ විද්‍යාලය පරදවා අල් අෂ්වර් විද්‍යාලය 1-0 පහසු ජයක් අත්කර ගනිමින් ශුරතාව දින ගන්නාලදී.
අවසන් මහ තරඟාවලිය සබරගමු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂක සේපාල කුරුප්පු ආරච්චි , රත්නපුර කලාප සහකාර ක්‍රීඩා අධ්‍යක්‍ෂක උපසාර අලහකෝන් ,නෙස්ලේ සමාගමේ රත්නපුර සහ කෑගල්ල තරඟ සම්බන්ධී කාරක චමිර සම්පත් වීරසිංහ නෙස්ලේ සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිලධාරී ජේෂන් ප්‍රනාන්ඳු යන මහතුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විනි.අවසන් මහ තරඟය ඩබ්ලිව්. එම් එස් .ජයලත් මහතා විසින් විනිශචය කරනලදී.
Reply To:
Name - Reply Comment
0 Comments