ස්වීඩනය අර්ධ අවසන් පූර්ව තරගයට
- 2018-07-04 16:18:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ලෝකු කුසලාන තරගාවලියේ ඊයේ (03දා) සන්ධ්‍යාවේ සමාරාහිදී පැවැති ස්විට්සර්ලන්තය හා ස්වීඩනය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් ලැබීමට ස්වීඩනය සමත් විය.
තරගයේ වාර්තා වූ එකම ගෝලය 66 වැනි මිනිත්තුවේදී ස්වීඩනයේ එමිල් ෆොර්ස්බර්ගි විසින් වාර්තා කරනු ලැබීය. කෙසේ නමුත් මෙම ගෝලය වාර්තා කිරීමේදී ෆොර්ස්බර්ග් විසින් එල්ල කරන ලද පහර ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී (own goal) පන්දුව දැල වෙත ඇදී ගියද, එය ලබාගත් ගෝලයක් ලෙස බාර ගත්හ.
මෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය. මීට පෙර 2010 වසරේදී පැවැති ලෝක කුසලාන තරගයේදී හොන්ඩුරාස් කණ්ඩායමට එරෙහිවද අවස්ථා 18කදී උත්සාහ කර තිබුණද, කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකිව නොමැත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments