Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව විසින් කොළඹ, සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලබන ජාතික පැරා මලල ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර 62.11 ක දුරක් හෙල්ල විසිකරමින් නව ලෝක වාර්ථාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුව නියෝජනය කරමින් සහභාගි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආබාධිත සැරයන් එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි සමත් ව ඇත. 

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීට පෙර පැවති ලෝක වාර්ථාව මීටර 59.82 කි. දිවයින පුරා ක්‍රීඩා සමාජ 40 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ මෙම පැරාලිම්පික් තරගාවලිය සඳහා සහභාගි ව සිටිති. මෙම ක්‍රීඩා උළලේ දී ජවන හා පිටිය තරග ඉසව්වන්හි දක්‍ෂතා දැක්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180 කට අධික පිරිසක් සහභාගි වූහ. 2018 ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත ආසියනු පැරා ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි කරවීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව්වන් සඳහා සහභාගි කරවීමට දක්‍ෂතා ඇති මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට මෙම තරගාවලියේ දී හැකිවනු ඇත.

මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලැබු අතර ශ්‍රී ලංකාවේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිර්ඝ කාලීන සහකරු ලෙස ඩයලොග් පුද්ගලික සමාගම කටයුතු කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.