Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව උපුල් තරංග රැස්කළ ශතකය ලෝක වාර්තාවක් බවට පත්ව තිබේ. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව (1945න් පසුව) එක් ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමෙන් පසු ඊළඟ ටෙස්ට් ශතකය වාර්තා කිරීම සඳහා වැඩිම දින ගණනක් ගත කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

උපුල් සිය පළමු ටෙස්ට් ශතකය 2006 වසරේ මාර්තු මස 08 වැනිදා වාර්තා කර තිබේ. නමුත් ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා වන්නේ ඉන් වසර 10කටත් පසුවය. එනම් 2016 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදාය. එම ශතක දෙක අතර කාලය දින 3888ක්වෙයි.

මීට ඉහත දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ශතකයක් රැස්කිරීම සඳහා වැඩිම දිනගණනක් වැය කර තිබූ ක්‍රීඩකයා වූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ හැමිල්ටන් මැසකඩ්සාය. ඔහුට ඒ සඳහා දින 3660ක කාලයක් බලා සිටීමට සිදුවිය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ශතකයක් වාර්තා කිරීමෙන් පසු අනෙක් ශතකය වාර්තා කිරීමට වැඩිම කාලයක් බලා සිටි ක්‍රීඩකයෝ

උපුල් තරංග දින 3888 (2006/මාර්තු  -2016/ ඔක්තෝබර්)

හැමිල්ටන් මැසකඩ්සා දින 3660 (2001/ජුලි - 2011/අගෝස්තු)

රොබ් සිම්සන් (ඔස්ට්‍රේලියාව) දින 3639 (1967 දෙසැම්බර්-1977 දෙසැම්බර්)

බර්ට් සුට්ක්ලිෆී (නවසීලන්තය) දින 3367 (1955/නොවැම්බර්-1965/මාර්තු)

මුස්ටාක් මොහොමඩ් (පාකිස්තානය) දින 3234 (1962/ජුලි-1971 ජුනි) 

නිරෝෂා පෙරේරා

254280.3

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.