සිව්වැනි තරගයේ නායකත්වය මාලිංගට
- 2017-08-30 16:19:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාවට එරෙහිව අගෝස්තු 31 දා ප්‍රේමදාස පිටියේදී ආරම්භවීමට නියමිත සිව්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවැරී තිබේ.
තරග පහකින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරග දෙකෙන් කොන්දේ ආබාධයක් හේතුවෙන් කපුගෙදර ඉවවත්වීම හේතුවෙන් මාලිංග කණඩායම මෙහෙයවීම සඳහා නම් කර තිබේ.
මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායකයා වෙයි. බංග්ලාදේශයෙදී 2014 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඊට පසුව 2016 වසරේ විස්සයි20 ලෝක කුසලානයට පෙරාතුව ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්විය. සිය 203 වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන මාලිංග ප්‍රථම වතාවට එක්දින තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. එසේම එක්දින කඩුලු 300 සඳහා තවත් එක් කඩුල්ලක් පසුපසින් ඔහු සිටියි.
ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංගට තරග තහනමක් පැනවීම හේතුවෙන් තෙවැනි හා සිවුවැනි තරග මෙහෙයවීම සඳහා තාවකාලික නායකයා ලෙස චාමර කපුගෙදර නම් කළේය.
මේ තරගාවලිය පුරාවටම කොන්දේ ආබාධයකින් ක්‍රීඩා කළ කපුගෙදරගේ එම ආබාධය තෙවැනි එක්දින තරගයෙන් පසුව වර්ධනය වී තිබේ.
මීට අමතරව උරහිසේ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකත්, දකුණු අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාලුත් ඉන්දීය එක්දින තරගාවලියෙන් දැනටමත් ඉවත්ව තිබේ.
කපුගෙදර හා ගුණතිලක වෙනුවට ධනංජය සිල්වා හා ඩිල්ෂාන් මුණවීර කණ්ඩායමට ගෙනඒමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments