සුගතදාස ක්‍රීඩාංගණයෙ විවෘත කිරීම් රැසක්
- 2018-04-10 13:42:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදිකළ මීටර් 400 හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථ, පාපන්දු/රග්බි ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකළ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (09දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙය ඉදිකිරීමට වැය වූ සමස්ත මුදල රුපියල් මිලියන 244.85ක් වන අතර ඇක්සස් පුද්ගලික සමාගම හා කොනිකා ජේවී යන සමාගම් මගින් මෙහි ධාවන තීරු සකස් කර තිබේ.
කෘත්‍රිම ධාවන පථය සඳහා පළමු පෙලේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (IAAF) සහතිකය ලබාගෙන ඇති අතර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය විසින් කෘත්‍රිම ධාවන පථයන්හි මංතීරු සකස් කිරීමේදී එහි අධීක්ෂණ කටයුතු සිදුකර තිබේ.
සුගතදාස කෘත්‍රිම ධාවන පථය අලුතින් නිම කිරීමෙන් පසුව දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා තරගාවලිය මෙහි පළමු තරගාවලිය ලෙස ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments