Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පෙබරවාරි 26 දා පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් හම්බන්තොට  මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගයකි.

එක්දින තරග තුනක්, විස්සයි20 තරග දෙකක් ක්‍රිඩා කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

තරග කාලසටහන

පළමු පුහුණු තරගය - පෙබරවාරි 17 - පී සරා ඕවල්

දෙවැනි පුහුණු තරගය - පෙබරවාරි 20-  ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සමග -  කටුනායක

පළමු එක්දින තරගය - පෙබරවාරි 22 – SSC පිටිය

දෙවැනි එක්දින තරගය - පෙබරවාරි 26 - මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය හම්බන්තොට (දිවා/රාත්‍රී)

තෙවැනි එක්දින තරගය  - මාර්තු 01 - පල්ලෙකැලේ (දිවා/රාත්‍රී)

පළමු විස්සයි 20 තරගය - මාර්තු 04 - පල්ලෙකැලේ (රාත්‍රී)

පළමු විස්සයි 20 තරගය -  මාර්තු 06 - පල්ලෙකැලේ (රාත්‍රී)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.