හෆීස්ට පන්දුව දමාගැසීමේ චෝදනා
- 2017-10-20 09:24:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පකිස්තානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් හෆීස් නැවත වරක් පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වී තිබේ. ඔහු මෙම චෝදනාවට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (18 වැනිදා) අබුඩාබිහිදී පැවැති එක්දින තරගයේදීය. මේ සම්බන්ධ වාර්තාවක් ඊයේ තරගයේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළ අසාඞ් රාසා සහ සුන්දරම් රවී යන විනිසුරුවරුන් විසින් පාකිස්තානු කළමණාකාරීත්වයට බාරදෙනු ලැබ ඇත.
මීට පෙරත් පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්ව සිටි මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීම 2014 දෙසැම්බර් මාසයේදී පළමු වරට තහනම් කරනු ලැබිණ.
නවතම තත්ත්වය අනුව හෆීස්ගේ පන්දුයැවීම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීිති විරෝධී පන්දු යැවීමේ රෙගුලාසි යටතේ පරීක්‍ෂාවට ලක්කෙරෙනු ඇත. හෆීස් දින 14 ක් ඇතුළත ඔහු තමන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ වාර්තාවක් ලබාගත යුතුය. එම වාර්තාව ලැබෙන තුරු ඔහුට පන්දු යැවීමේ නිදහස තිබේ.
මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථාන
■ 2014 දෙසැම්බර් - හෆීස්ගේ පන්දු යැවීම පළමු වරට තහනම් කරන ලදි.
■ 2015 අප්‍රේල් - ස්වාධීන පරීක්‍ෂණයකින් පසුව ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල යයි තහවුරු වීමෙන් පසු ඔහුට නැවතත් පන්දු යැවීමට අවසර ලැබිණ.
■ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයකදී ලැබුණු වාර්තාවක් පදනම් කරගනිමින් හෆීස්ගේ පන්දු යැවීම නැවතත් තහනම් කරන ලදි. මෙම ටෙස්ට් තරගය පැවැතියේ 2015 ජූනි මාසයේදීය.
■ හෆීස්ගේ දෙවැනි තහනම සහ පළමුවැනි තහනම අතරේ කාලය මාස 24 කට වඩා අඩුවූයෙන් 2015 ජූලි මාසයේ සිට මාස 12 ක කාලයක් ඔහුට පන්දු යැවිය නොහැකි පරිදි තහනමක් පනවන ලදි.
■ 2016 නොවැම්බර් - සිය පන්දු යැවීම සම්බන්ධයෙන් බි්‍රස්බේන්හි ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී පරීක්‍ෂණයකට මුහුණ දුන් මොහොමඞ් හෆීස්ට නැවතත් පන්දු යැවීමේ අවසරය ලැබිණ.
■ 2017 ඔක්තෝබර් - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තුන්වැනි එක්දින තරගයේදී හෆීස්ගේ පන්දු යැවීම නැවත වරක් සැකයට පාත්‍ර විය.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments