හෆීස්ට පන්දු යැවීම තහනම් කරයි
- 2017-11-17 11:17:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඞ් හෆීස්ට පන්දු යැවීම තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහු පන්දු යවන විට ඔහුගේ අත අංශක 15 කට වැඩියෙන් නැමෙන බවට ස්වාධීන කමිටුවක් නිගමනය කිරීමයි.
ඔක්තෝබර් මසයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් අරාබි එමීර්හිදී පැවැති තෙවැනි එක්දින තරගය අතරතුරදී හෆීස්ගේ පන්දුයැවීම සැක සහිත බවට විනිසුරුවන් පැමිණිළි කළ අතර ඒ හේතුවෙන් ඔහුට නොවැම්බර් මස 1 වැනිදා එංගලන්තයේදී ස්වාධීන කමිටුවක් හමුවේ සිය පන්දු යැවීම පිළිබඳ පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවිය.
එම පරීක්ෂණයෙන් අසමත් වීම නිසා ඔහුගේ පන්දු යැවීම තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන ඇති අතර ඒ අනුව සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයට පෙනී සිටින තෙක් ඔහුට ජාත්‍යන්තර තරග වලදී පන්දු යැවීමට නොහැකි වනු ඇත.
පාකිස්තාන කණ්ඩායමේ සිටින ප්‍රවීණ ක්‍රීඩකයක් වන හෆීස්ට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මගින් පන්දු යැවීම තහනම් කළ තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර 2014 වසරේදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියක් අතරතුරද, 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියක් අතරතුරද ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වී තිබේ.
මේ වන විට ටෙස්ට් තරග 50 කට සහභාගි වී ඇති හෆීස් එහිදී කඩුලු 52 ක් දවාගෙන ඇති අතර එක්දින තරග 195 කදී කඩුලු 136 ක් සහ විස්සයි20 තරග 81 කදී කඩුලු 49 ක් දවාගැනීමටද ඔහු සමත්ව සිටියි. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින්නේද හෆීස්ය.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments