20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලිය ඔක්තොම්බර් මස 10 සිට 14 දක්වා
- 2018-10-08 12:12:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස් බෝල් තරඟාවලියක් ඔක්තොම්බර් මස 10 වෙනිදා සිට 14 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සහ කොළඹ නාලන්දා විද්‍යාලයිය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.
තරඟාවලිය ක්‍රීඩාංගණ 3ක පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත. සමාරම්භක උළෙල දියගම පිහිටි ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර සෙසු තරඟ කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ සහ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයන්හිදී පැවැත්වීමට නියමිතය.කණ්ඩායම් 15ක ක්‍රීඩකයන් 345ක් ඇතුළු සමස්ත නිලධාරීන් 450ක් පමණ මෙම තරඟාවලියට එක් වීමට නියමිතය.
මේ අවස්ථාවට එක් වූ ජාතික බේස් බෝල් කමිටුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ඒකනායක මහාතා පැවසුවේ1980 වසරේදී මුල් වරට බේස්බෝල් ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දුන් අතර මේ වන විට පාසල් 22 ක් පමණ ප්‍රචලිත වී ඇති බවයි. මෙම ක්‍රීඩාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා මෙම තරඟාවලිය උපයෝගී කරගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එක් වූ පාසල් බේස්බොල් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ අබේරත්න මහතා පැවසුවේ අද වන විට සියලුම පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්ය කර ඇති බැවින් පාසල් වල බේස් බෝල් ක්‍රීඩාව ජනප්‍රිය කර ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බවයි. මෙම තරඟාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ක්‍රීඩා අමාත්‍යංශය, වගේම ඔලිම්පික් කමිටුව මෙන්ම හොරෙයිසන් විශ්ව විද්‍යාලයද අපට දායකත්වය ලබා දෙනවා. ක්‍රීඩාව තුළින් සෞඛ්‍යමත් දරු පරපුරක් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි.
කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පැවසුවේ බේස්බෝල් ක්‍රීඩාව අනෙකුත් පාසල්වල ද ව්‍යාප්ත කිරීම සඳහා තම පාසල සහ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරන හොඳ ක්‍රීඩකයන් පිරිසක් අනාගතයේදී පාසල් වලින් බිහි කිරීමේ අරමුණින් නාලන්දා විද්‍යාලය සහ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය එක් වී 20න් පහළ මෙම තරඟාවලිය සංවිධානය කළ බවත් ප්‍රධාන ක්‍රීඩාවන් කෙරෙහි යොමු වන අතරම මේ ක්‍රීඩාව සම්බන්ධයෙනුත් පාසල් සිසුන්ගේ අවධානය යොමු කරවීම අපගේ මූලික අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments