Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

Sri-Lankan-cricketer-Lasith-Malinga-celebrates-after-taking-the-final-wicket-of-Pakistani-cricketer-Bilawal-Bhatti-during-the-opening-match-of-the-Asia-Cupශ්‍රී ලංකාව ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඩුබායි තරග සංචාරයේදී අවම වශයෙන් හෝ එක් විස්සයි20 ජාත්‍යන්තර තරගයක් පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රීඩා කිරීමට අවධානය යොමුකර තිබේ.  පෙරේදා (12දා) පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් ළේ මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක විශ්ලේෂකයෙකු පාකිස්තානයට යොමුකර අවසන් බවයි.

2009 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය. ඉන් අනතුරුව එකඳු කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය නොකළ අතර 2015 වසරේදී විස්සයි20 තරග තුනකට සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයකට එක්විය. 

“ මම මගේ කණ්ඩායම පාකිස්තානයට රැගෙන යන්න උනන්දුයි. අපේ ආරක්ෂක විශ්ලේෂකයෙකු පාකිස්තානයට ගොස් තක්සේරුවක් කළා. එහිදී පකිස්තානය තුළ ආරක්ෂාවක් ඇති බව පෙනුණා. පාකිස්තානය තුළ ආරක්ෂාව ඉහළ දමා තිබෙනවා. විශේෂයෙන්ම ලාහෝර් නුවර. අපිට පාකිස්තානයත් සමග විස්සයි20 තරග තුනක් තිබෙනවා. එහිදී අවම වශයෙන් එක් තරගයක් හෝ ලාහෝර් නුවර ක්‍රීඩා කිරිම අපේ අපෙක්ෂාවයි.”

 “ හැම තැනම අවධානමක් තිබෙනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලිය ක්‍රියාත්මක වෙන විට ප්‍රහාර දෙකක් එල්ල වුණා. නමුත් අයි.සී.සී. ආරක්ෂක තහවුරුවත් සමග තරගාවලිය ඉදිරියට ගියා. ඉතින් ආසියාවේ ක්‍රිකට් පවුලේ සාමාජිකයෙක් වන පාකිස්තානයට අපි පූර්ණ සහාය දැක්විය යුතුයි. ශ්‍රී ලංකාවත් වසර තිහක කාලයක් යුද්ධයෙන් පීඩා වින්දා. එක් අවස්ථාවක කවුරුවත් ශ්‍රී ලංකාවට එන්න කැමති වුණේ නෑ. නමුත් පාකිස්තානය හා ඉන්දියාව අප වෙනුවෙන් හිට ගත්තා. ”

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.