LPL දෙසැම්බර් 05 දා ඇරඹෙයි
- 2021-10-13 14:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 05 දා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව ගාල්ල හාා යාපනය කණ්ඩායම් අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ කිරීමට කිරීමට නියමිතය.
මුලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමෙන් අනතුරුව අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට තරග 24ක් ඇතුළත් අතර මුල් තරග 20 ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන අතර අවසන් වටයේ තරග 4 හම්බන්තොට පැවැත්වෙයි.
තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථානයේ පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
ඉන් අනතුරුව තෙවැහි හා සිව්වැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මුල් ස්ථානයේ කණ්ඩායම් දෙක අතර පැවැති තරගයෙන් පරාජය වූ කණ්ඩායම සමග තරග කිරීමට නියමිතය.
ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම වෙයි. අවසන් මහ තරගය දෙසැම්බර් 23දා පැවැත්විමට නියමිත අතර එදිනට තරගය පැවැත්වීමට නොහැකිවුවහොත් දෙසැම්බර් 24දා දිනයද වෙන්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments