ඉන්දීය පුහුණුකරු ධුරයට මහේල බෑ කියයි
- 2021-09-18 22:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමට ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් ආයතය කර ඇති ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට නියමිතය.
මේ අනුව හිස්වන තනතුර සඳහා මහේලව බඳවා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර ඇති අතර එය මහේල විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ සඳහා ඔහු හේතු දෙකක් ඉදිරිපත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන් එකක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමට මහෙලගේ අරමුණක් තිබීම එක් හේතුවක් බවයි. එසේම ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් තවදුරටත් ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටියි.
ඉන්දීය නව ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව ඉන්දීය පුහුණුකරුවෙකුට එක් අවස්ථාවකදී පුහුණුකරු ධුර දෙකක් දැරීමට අවස්ථාවක් නොමැත.
මහේල ජයවර්ධන මේ වන විටත් ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන් පුහුණුකරු වශයෙන් කුසලාන කිහිපයක්ම ජයග්‍රහණය කර තිබේ.
එසේම ලොව පුරා ලීග තරගාවලි කිහිපයකම කණ්ඩායම් කිහිපයක ඔහු පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments