Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පත්කිරිමටත්, උපනායක ලෙස කුසල් මෙන්ඩිස් පත්කිරීමටත් අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ඒ බංග්ලදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා කුසල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවීමත් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම සංචිතයට ඇතුළත්ව නොමැත.

තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ අතර හිටපු නායකයන් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. එසේම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ටද ස්ථානය අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය - කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක), ධනුෂ්ක ගුණතිලක, ධනංජයද සිල්වා, පැතුම් නිශ්ශංක, දසුන් ශානක, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.