Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටියි. 

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හි හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදුකරනු ඇත.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් 5 සියළුම තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වෙනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.