ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න තුෂාරට කොවිඩ්

2024 අප්‍රේල් මස 18 ප.ව. 01:04 - {{hitsCtrl.values.hits}}  

ඔස්ට්‍රේලියාව හා පැවත්වීමට නියමිත තරග පහකින් සමන්විත තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයේ ණුවන් තුෂාර කොවිඩ් ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එසේම කණ්ඩායමේ අභ්‍යාසික පුහුණුකරු වන ඩිල්ෂාන් ෆොන්සේකාද කොවිඩ් ආසාදිත වී තිබේ. ඔවුන් දෙදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ක්‍රිකට් ආයතනය පවසයි.

කණ්ඩායම එළැඹෙන 03 දා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය. ආසාදිත වූ අය  පෙබරවාරි 10 දා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

දින පොත