ක්‍රිකට් ක්‍රීඩකයන් 35 පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මකයි
- 2021-02-11 22:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් 35 දෙනාට කොවිඩ් ආසාදිත නොවුණ බවට තහවුරු වී තිබේ. ඔවුන් ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී තිබේ.
ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතරව පුහුණුකරුවන්, දැල් තුළ පන්දු යවන්නන්ද මෙම පරීක්ෂණයට ලක්ව තිබේ.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් නම්කළ ක්‍රීඩකයන් මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයට ලක්විය.
ඔවුන් පුහුණුවෙමින් සිටින අතරතුළදී පුහුණුකරු මිකී ආතර් හා පිතිකරු ලහිරු තිරිමාන්න කොවිඩ් සඳහා ධනාත්මක විය. ඉන් අනතුරුව පුහුණුවීම් නැවැත්වූ අතර පසුව ක්‍රීඩකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබීය.
ක්‍රීඩකයන් හෙට දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට මුහුණදීමට නියමිත අතර එළැඹෙන 16 දා පටන් ඔවුන් යළිත් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ලහිරු තිරිමාන්න හා මිකී ආතර් තවමත් ප්‍රතිකාර ලබන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments