ක්‍රිකට් විනිසුරුවන් 20ක් කොන්ත්‍රාත්ගත කරයි
- 2020-08-12 13:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
දීපාල් මදුරප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් විනිසුරු කමිටුව කරන ලද යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් ඉකුත්දා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදුකර තිබේ. එහිදී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් සිවු දෙනෙකු, නැගී එන කණ්ඩායමේ විනිසුරුවන් හය දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් 10 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments