ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වැඩි කරයි
- 2020-12-01 12:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන හා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරී පෝෂණ දීමනා හා අනෙකුත් දීමනා වැඩි කිරීමට අදාළව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.
මේ යටතේ,
දැනට පවතින ක්‍රීඩා පාසල් 26ක යටිතල පහසුකම් වර්ධනය කිරීම,
සූරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ක්‍රිකට් ක්‍රීඩා පාසල යනුවෙන් ද්විභාෂා නව ජාතික පාසලක් ආරම්භ කර සංවර්ධනය කිරීම හා 2021 වර්ෂයේ සිට 6 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම
පැල්වත්ත නවෝද්‍යා පාසල මලල ක්‍රීඩා/ වොලිබෝල් ක්‍රිඩා සඳහා වන පාසලක් ලෙස සංවර්ධනය කිරීම,
පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාල මලල ක්‍රීඩා සඳහා සංවර්ධනය කිරීම,
මන්නාරම මුරුක්කන් මහා විද්‍යාලය පාපන්දු/මලල ක්‍රීඩා සඳහා සංවර්ධනය කිරීම,
නේවාසිකාගාර නොමැති ක්‍රීඩා පාසල්වලට ඇලුතින් නේවාසිකාගාර ඉදිකිරීම හා පවතින නේවාසිකාගාර සංවර්ධනය කිරීම,
ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා වර්තමානයට ගැලපෙන ලෙස වැඩි කිරීම යන ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments