Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දුර පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට ලක්‍ෂිනී සාරංගි ද සිල්වා ඊයේ (23දා) සමත් වූවාය. මේ දිනවල තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවෙමින් ඇය මෙම වාර්තාව පිහිට වූ අතර, ඇයට සිය ඉසව්වේ පළමු ස්ථානයද හිමිවිය.

මෙහිදී සාරංගි විසින් මීටර් 6.44ක දක්‍ෂතාවක් දැක් වූ අතර, ඇය විසින් බිඳදමනු ලැබුවේ 2015 වසරේදී එන්.සී.ඩී. ප්‍රියදර්ශනී විසින් මීටර් 6.43කින් පිහිටුවා තිබූ ජාතික වාර්තාවයි.

මේ වනවිට කටාර්හි සිය පුහුණුවීම් කටයුතු සිදුකරන සාරංගි, අවසන් වරට 2019 වසරේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීද මී. 6.38ක දක්‍ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන්නාය.

කාන්තා දුර පැනීම ජාතික වාර්තාවේ ප්‍රගතිය (1942 – 2021)
(තොරුතුරු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය)

දුර

ක්‍රීඩිකාව

වසර

4.84

අයිරිස් වැන්ඩර්සයිල්

1942

4.88

ශෙරී තෝමස්

1948

4.93

ජුනි ඩි ක්‍රෙට්සර්

1949

4.99

ජුනි ඩි ක්‍රෙට්සර්

1954

5.11

පද්මා ගුණවර්ධන

1955

5.36

පද්මා ගුණවර්ධන

1955

5.41

නොබෙල් කීල්

1959

5.41

ශාන්ති ඩි ඇන්ඩෘ

1968

5.42

පාවුලින් ක්ලොග්ස්ටවුන්

1969

5.43

පාවුලින් ක්ලොග්ස්ටවුන්

1970

5.43

අයිරින් ඩි සිල්වා

1970

5.48

අයිරින් ඩි සිල්වා

1970

5.74

උපශ්‍රියා සමරතුංග

1975

5.79

ඉන්ද්‍රා පද්මිණී පෙරේරා

1978

5.79

උපශ්‍රියා සමරතුංග

1978

5.82

ඉන්ද්‍රා පද්මිණී පෙරේරා

1978

5.85

උපශ්‍රියා සමරතුංග

1978

5.87

දිලීමා පීටර්සන්

1986

5.98

දිලීමා පීටර්සන්

1986

6.01

අනුෂා කාරියවසම්

1989

6.01

අනුෂා කාරියවසම්

1989

6.03

අනුෂා කාරියවසම්

1990

6.06

දිලීමා පීටර්සන්

1990

6.22

දිලීමා පීටර්සන්

1990

6.26

නයන්ති චන්ද්‍රසේන

1998

6.29

නයන්ති චන්ද්‍රසේන

2000

6.34

නයන්ති චන්ද්‍රසේන

2000

6.40

නයන්ති චන්ද්‍රසේන

2002

6.43

එන්.සී.ඩී. ප්‍රියදර්ශනී

2015

6.44

එල්.එස්. සාරංගි සිල්වා

2021

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.