කොදෙව්වන් එක්දින තරගාවලියත් දිනයි
- 2021-03-15 06:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද කඩුලු 5කින් ජයගනිමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත්විය.
තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 6ට ලකුණු 274ක් රැස්කිරීමට සමත්වූයේය.
පන්දුවාර 31.5කදී කඩුලු 6කට ලකුණු 151ක් රැස්කරමින් අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවකට ගෙන යෑමට අශේන් බණ්ඩාර (55*) හා වනිඳු හසරංග (80*) සමත්වූයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක නොබිඳුණු සබඳතාවක් පවත්වා ගනිමිනි.
කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමේ ඩැරන් බ්‍රාවෝ (102), ශායි හෝප් (64), නායක කිරන් පොලාඩ් (53*) පිත්තෙන් දක්ෂතා දක්වමින් පන්දුවාර 48.3කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 276ක් රැස්කමින් තරගය ජය ගැනීමට සමත්වූයේය.
Reply To:
Name - Reply Comment
0 Comments